මේ හදන්නේ මහ ඡන්දය අවුරුදු ගණනකට කල් දාන්න -ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා

  👤  2949 readers have read this article !
By mawbima 2018-10-22

පාර්ලිමේන්තු යෝජනා සම්මතය මඟින් 2016 මාර්තු 9 වැනිදා පිහිටුවා ගනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් 2016 අප්‍රේල් මස 05 වැනි දින මෙහෙයුම් කමිටුවක් ඒකමතිකව පත් කර ගන්නා ලදී. අනතුරුව මෙහෙයුම් කමිටුව රැස්වී නව ව්‍යවස්ථාව සම්පාදනයට අදාළව විෂයයන් 12ක් හඳුනා ගත්තේය. 2016 මැයි 5 වැනිදා අනුකමිටු 6ක් පත්කර ඊට විෂයයන් 6ක් භාරදෙනු ලැබීය. 2016 අප්‍රේල් සහ 2017 සැප්තැම්බර් මාස අතර 73 වාරයක් රැස්වූ මෙහෙයුම් කමිටුව අනුකමිටු වාර්තා සහ ඉතිරි විෂයයන් සම්බන්ධ මෙහෙයුම් කමිටුවේ නිගමන ඇතුළත් අතුරු වාර්තාවක් 2017 සැප්තැම්බර් 21 දින ප්‍රකාශයට පත් කළේය. අනතුරුව තවත් අවස්ථා කිහිපයකදී එම වාර්තාවට තවත් යම් යම් එකතු කිරීම් සිදු කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දැනට සිදුවෙමින් පවතින පටිපාටිය සැකෙවින් දැක්විය හැක්කේ එපරිද්දෙනි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව විවිධ සැකසංකා මේ වන විට දේශපාලන පක්‍ෂ අතර මෙන්ම විෂය දැනුම ඇති විද්වතුන් අතරද පැනනැඟී තිබේ. ඇත්ත වශයෙන්ම සිදු වෙමින් පවතින්නේ කුමක්දැයි අපි නොදනිමු. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවත්නා නෛතික ස්වරූපයන් මොනවාද? රටේ අනාගත පැවැත්ම කෙරෙහි ඒවායේ බලපෑම කුමක්ද? යන්න පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා අපි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා හමු වුණෙමු.

ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙ අවසන් වාර්තාව තුළ එය ඉදිරිපත් කරන පුද්ගලයන්ගේ අභිලාෂයන් ඇතුළත් වන බවට චෝදනා නැඟෙනවා. කුමක්ද ඇත්ත තත්ත්වය.
නව ව්‍යවස්ථාවෙන් කරන්න හදන්නේ දැනට ඒකීය රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම. ඒගොල්ල ඒක කරන්න යන්නේ ඒකීය කියන ලේබල් එක දීලා ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීමෙන්.

ද ඔබ කොහොමද එහෙම කියන්නේ?

දැන් ඒකීය කියන වචනය පාවිච්චි කරන්නේ සිංහල මිනිස්සු විතරයිනේ. ලෝකය ඒකීය රාජ්‍යය කියන එකට භාවිත කරන්නේ භදඪබචපර ඵබචබඥ කියන ඉංගී්‍රසි වචනය. ලෝකයේ සියලු පතපොත ලියා තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එහෙම නැත්නම් ප්‍රංශ භාෂාවෙන්. ලංකාවේ ශේ‍ර්ෂ්ඨාධිකරණය පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීයද ෆෙඩරල්ද යන්න අර්ථ නිරූපණය කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒකට හේතුව ව්‍යවස්ථා නීතිය අර්ථ නිරූපණය වී තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන භදඪබචපර කියන වචනයෙන්. ඒ වචනය අපේ ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ තිබීම වැදගත් වෙනවා.

ද ව්‍යවස්ථාවට භදඪබචපර කියන වචනය වැදගත් වෙන්න බලපාන විශේෂ හේතුව කුමක්ද?

1987දී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳව ශේ‍ර්ෂ්ඨාධිකරණය නඩු විභාග කළ අවස්ථාවේදී පවා සැලකිල්ලට ගත්තේ ඉංග්‍රීසි පිටපතයි. මොකද
ශේ‍ර්ෂ්ඨාධිකරණයේ සියලු නඩු තීන්දු දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අර්ථ නිරූපණයේදී යොදා ගන්නේ ඉංග්‍රීසි භාෂාවේ තිබෙන වචන.

ද රාජ්‍ය භාෂාව සිංහල වුණාට ලංකාවේ අධිකරණය සිංහල භාෂාවෙන් නඩු තීන්දු ලියන්නේ නැති බවද ඔබ කියන්නේ?

කිසිම නඩු තීන්දුවක් සිංහලෙන් ලියන්නේ නැහැ. අර්ථ නිරූපණය කරන්නේ ඉංග්‍රීසියෙන් නිසා ඉංග්‍රීසි වචනයේ පැවැත්ම මත තමයි තීරණය වෙන්නේ.

ද ඔබ කියන්නේ නව ව්‍යවස්ථා කෙටුම්පත සිංහලෙන් ප්‍රසිද්ධ කර තිබුණත් ඉංග්‍රීසි පිටපතට අනුව නිගමනයන්ට එළැඹිය යුතු බවද?

ඔව්. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ තියෙන්නේ මෙහෙමයි. 'ඊඩඥ අඥනභඡතඪජ ධට ඉපඪ ඹ්චදඬච' බොහොම සරල වාක්‍යයක්. ඒක පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගන්තිය ඉවත් කරලා ඒ ගොල්ලෝ මෙන්න මේ විදියට සංශෝධනය කරන්න යෝජනා කර තිබෙනවා. කොහොමද ඉපඪ ඹ්චදඬච ඪඵ ච ටපඥඥ ඵධමඥපඥඪඨද චදඤ ඪදඤඥනඥදඤඥදබ පඥනභඡතඪජ/ ධපභථඪබඩබඩච දචඤභ එතකොට බලන්න ඉංග්‍රීසි පිටපතේ වචනය ඉවත් කර ඉංග්‍රීසි පිටපතට ඉංග්‍රීසි සහ දෙමළ වචන දෙකක් ඇතුළත් කිරීමේ අවශ්‍යතාවක් නැහැ ඒ භදඪබචපර කියන අර්ථය වෙනස් කරන්න අවශ්‍යතාවක් නැත්නම්. මොකද ඒක ජාත්‍යන්තර තාක්‍ෂණික වචනයක්. එකක් පැහැදිලියි මේ යුනිටරි කියන වචනයට පැහැදිලි අර්ථයක් තිබෙන නිසා ඒ වචනය ඉවත් කරනවා.

ද වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙමළ පිටපතේ ඔය ඔරුමිත්ත නාඩු කියන වචනය සඳහන් වන්නේ නැද්ද?

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය රාජ්‍යය හඳුන්වන්නේ 'ඔට්ටි්‍රයච්චි' කියලා. එහෙමයි දෙමළ පිටපතේ තියන්නේ.

එය ඉවත් කරලා ෆෙඩරල් කියන අර්ථය තියෙන 'ඔරුමිත්ත නාඩු' කියන වචනය ඇතුළු කරනවා. උදඪබඥඤ එක්සත් කියන අදහස ඇතුළත් ඔරුමිත්ත නාඩු වචනය ගේනවා. ඒක එතකොට දෙමළෙන් එක්සත් සිංහලෙන් ඒකීය. මේක කරන්නේ සිංහලයා රැවටීමට. ඒ අතරම ඒගොල්ල කියනවා මේ ව්‍යවස්ථාවේ ඒකීය කියන්නේ දැනට තිබෙන ව්‍යවස්ථාවේ ඒකීය යන අදහස නොවේය කියා. මෙහෙමයි සඳහන් වන්නේ 'ඔරුමිත්ත නාඩු යනුවෙන් සඳහන් වන්නේ බෙදිය නොහැකි නොබෙදුණු රාජ්‍යයකටය'

ද ව්‍යවස්ථාවේ එවැනි පැහැදිලි කිරීමක් තිබේ නම් එය ප්‍රමාණවත් නැද්ද?

මේ කියන කතාව සම්පූර්ණ බොරුවක්. ඒකීය රාජ්‍යයක් වුණත් ෆෙඩරල් රාජ්‍යයක් වුණත් බෙදන්න බැහැ. උදාහරණයක් හැටියට ඇමෙරිකාව ලෝකයේ තියෙන හො¼දම ෆෙඩරල් රාජ්‍යය. ඇමෙරිකාවේ ජනාධිපති දිවුරුම් දෙන්නේ 'දෙවියන් වහන්සේ අදහන නොබෙදුණු රාජ්‍යයක්' කියලා. අයිතිවාසිකමක් හැටියට යම්කිසි ජන කොට්ඨාසයකට බෙදන්න දෙන්න බෑ. ඒගොල්ලන්ට බෙදන්න ඕන නම් බෙදාගන්න එක වෙනම කාරණාවක්. ඒකීය රාජ්‍යයක් බෙදන්න බෑ කියන එක ඒකීය රාජ්‍යයේ අර්ථ නිරූපණය නොවේ.

ද ඔබ කියන්නේ මේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ජනතාව රවටා ඇති බවද?

ඔව්. විද්වත් වංචාවක් කර තිබෙනවා.

ද එහෙම නම් ඊට සම්බන්ධ පාර්ලිමේන්තුවේ සියල්ලන්ම වගකිව යුතු වෙනවා නේද?

මේක බරපතළ කාරණාවක්. සිංහල මිනිස්සුන්ට මේ 'ඒකීය' කියන ලේබල් එක දානවා. ඒ අය නොමඟ යවන්න. දෙමළ මිනිස්සුන්ට ඔරුමිත්ත නාඩු කියලා දානවා. මේක ඒකීය නොවෙයි ෆෙඩරල් කියලා පෙන්වන්න. ඔට්ටි්‍රයච්චි කියන වචනය වෙනුවට ඔරුමිත්ත නාඩු ගේනවා.

ද දැන් එතකොට යුනිටරි කියන ඉංග්‍රීසි වචනයට මොකද වෙන්නේ?

'උදඪබචපර' කියන වචනය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. මේකෙන් ඉතාම පැහැදිලියි ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීම තමයි මේ සිදු වෙන්නේ. නම් විතරක් නොවෙයි අන්තර්ගතයත් ෆෙඩරල් බව ජනතාව දැනගන්න ඕනෑ.

ද ආගම ප්‍රශ්නයක් කරගෙන ඇයි මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වෙන්නේ?

මම ඒකත් පැහැදිලි කරන්නම්. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ 'ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය' කියලා.

ද ඉතින් මේ කෙටුම්පතෙත් එය සඳහන් වෙනවා නේද?

නැහැනේ. හොඳට බලන්න මෙතැන ජනරජය ඉවත් කරලා. එතකොට ඉතිරි වෙන්නේ ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය කියා සඳහන් කරනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා භූමියේ ඉන්න මිනිස්සු බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙන බව. එතකොට කර්තෘ වන්නේ ජනරජය නොවේ. අර්ථය නැති වෙනවා. මේක කොළේ වහලා ගැහිල්ලක් වගේ දෙයක්. බුද්ධාගමට දෙන රාජ්‍ය අනුග්‍රහය ඉවත් කරනවා මේ වචන ඉවත් කිරීමෙන්. අපි අපේ හදවතින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමෙන් ඇති වැඩක් නැහැනේ.

ද ඔබ එහෙම කීවාට මේ කෙටුම්පතේ සඳහන් වෙනවා සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට
පෝෂණය කිරීම රජයේ වගකීම් විය යුතු බව?

අනෙක් ආගම්වලට වෙනස්කම් කරන්න බෑ කියන එකනේ ඔය කියන්නේ. ඒ වචනය දැමීමෙන් නැවත ප්‍රමුඛස්ථානය නැති වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්න පුළුවන්, ආගම ප්‍රකාශ කරන්න පුළුවන් පුරවැසියන්ට පමණයි. ඒක මේ කෙටුම්පතේදී වෙනස් කරනවා. පුරවැසියා කියන වචනය ඉවත් කර තැනැත්තා කියන වචනය යොදනවා.

ඒ කියන්නේ ඪදඤඪමඪඤභචත වෙනුවට නඥපඵධද යොදනවා. එතකොට පුරවැසියකුට පමණක් සංස්කෘතිය ප්‍රවර්ධනය කළ හැකි වීම වීසා එකක් අරගෙන එන සුද්දෙක්ටත් කළ හැකි වෙනවා. ඉඩමක් අරගෙන පල්ලි හදලා ආගම ප්‍රවර්ධනයට ඉඩ ලැබෙනවා. පිටරැටියන්ට මෙහෙ තමන්ගේ සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ඇමෙරිකාවේ ඉන්න මූලධර්මවාදී කොටස්වලටත් මේ රටේ කතෝලික, ක්‍රිස්තියානි ආගම් පරාජය කර මූලධර්මවාදී අදහස පතුරවන්න ඉඩ ලැබෙනවා. අන්‍ය ආගමිකයන්ටත් එහෙමයි. මෙතෙක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණේ ස්ත්‍රී - පුරුෂ භේදය මත වෙනස්කම් කරන්න බෑ කියල විතරයි.

දැන් ඒක පුළුල් කරනවා ලිංගික දිශානතිය මත වෙනස්කම් කරන්න බෑ කියලා. ඒ කියන්නේ මෙතෙක් ආවාහ විවාහ සිදු වුණේ ගැහැනු පිරිමි අතරෙනේ. නමුත් ඉදිරියේදී පිරිමි පිරිමි අතරේ ගැහැනු ගැහැනු අතරේ විවාහ සිදු වෙන්නත් පුළුවනි. සමලිංගික විවාහ පෙරහර, සන්දර්ශන එනවා. රටේ සංස්කෘතික පදනම බිඳ වැටෙනවා. රට බටහිර ආක්‍රමණයකට ගොදුරු වෙනවා. මේ කරන්නේ පෘතුගීසීන් කාලතුවක්කුවලින් කරපු දේමයි. නමුත් මේක අපේ අය ලවාම කරවනවා.

ද මැතිවරණ ක්‍රමය සම්බන්ධව වෙනසක් යෝජනා වෙනවා. පාර්ලිමේන්තුවේ සභික සංඛ්‍යාව 233ක්?

ඔව් 60%ක්. ඒ කියන්නේ 140ක් කේවල ක්‍රමය යටතේ. 40%ක් ඒ කියන්නේ 93ක් සමානුපාතික ක්‍රමය යටතේ පත් කෙරෙනවා. දැන් ආසන සංඛ්‍යාව වැඩි කරන කොට අනිවාර්යයෙන්ම කොට්ඨාස සීමා නිර්ණයකට යන්න වෙනවා. අපි දන්නවානේ සීමා නිර්ණය මුවාවෙන් කොහොමද පළාත් පාලන ඡන්දය කල් දැම්මේ කියලා. ටිකක් නොවේ අවුරුදු 3ක් කල් දැම්මා. පළාත් සභා ඡන්දත් නැහැ.

මේ යෝජනා කරන ක්‍රමයට නැවත සීමා නිර්ණයකට ගියොත් අපි මොනවා කතා කළත් මහ මැතිවරණය තවත් අවුරුදු ගාණක් පස්සට යනවා. දැන් මේ ඉන්න මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉඳියි. අලුතෙන් කාටවත් පාර්ලිමේන්තුවට එන්න ලැබෙන්නේ නැහැ. මේක මහ මැතිවරණය කල් දමමින් පාර්ලිමේන්තුවේ ඉන්න යොදන උපායක්.

සංලාපය - උදේනි සමන් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon