සිංහල මිනිසුන් හිතන්නේ දෙමළ-මුස්ලිම් මිනිසුන් ඔවුන්ට යටත්වෙලා ඉන්න ඕනෑ කියලයි

  👤  2933 readers have read this article !
By mawbima 2018-10-22

ආණ්ඩුවේ දුර්වලතා මෙන්ම ප්‍රශ්න තිබෙන බවත්, නිවැරැදි ආණ්ඩු ලෝකයේ කිසි තැනක බිහිව නොමැති බවත්, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා බදුල්ල පුනාගල වතුයායේ ඉදි කළ ඉලන්පේලියාපුරම් නව ගම්මානය ජනතා අයිතියට පත් කළ අවස්ථාවේදීය.

පුනාගල අම්පිටිකන්ද කොටසේ ඉදිකළ නිවාස 157ක් මෙම අවස්ථාවේදී විවෘත කළ අතර කෝටි 15ක මුදලක් මේ සඳහා වැය කර ඇත.
එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න
මෙසේද කීය.

2014 වසරේ ඔක්තෝබර් මස 26 වැනි දින කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ නාය යෑමක් සිදු වුණා. අවතැන් වූ පවුල් 75කට අපේ ආණ්ඩුව යටතේ නිවාස හදා දුන්නා. නාය යෑමට ආසන්න තවත් ස්ථානයක පවුල් 157කට තමයි මෙම නිවාස සංකීර්ණය ඉදි කළේ. වැය කළ මුදල රුපියල් කෝටි 15ක්. ජලය විදුලිය ලබාදීමට රුපියල් ලක්ෂ 170ක් වැය කර තිබෙනවා. පලනි දිගම්බරම් මහතා 2015 වසරේ නව රජය කිරීමට විශාල සේවාවක් සිදු කළා. වතුකරයේ නිවාස ඉදිකිරීම පිළිබඳ පස් අවුරුදු ජාතික සැලැස්මක් ඉදිරිපත් කළා. වතු කම්කරුවන්ට පර්චස් 7ක ඉඩමක් ලබාදීම සඳහා මම ඉඩම් අමාත්‍යවරයාව සිටි කාලයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. නමුත් පසුගිය ආණ්ඩුව සමයේ වතු සමාගම්වල බලපෑම් මත එය ඉටු කිරීමට නොහැකි වුණා. නමුත් පලනි දිගම්බරම් අමාත්‍යවරයා එය ඉටු කළා.

පවුල් එක්ලක්ෂ හැත්තෑ දෙදහස් හත්සියයක් ලැයිම් කාමරවල ජීවත් වෙනවා. මේ වන විට නිවාස 5,000ක් පමණ ඉදිකර වතු කම්කරුවන්ට ලබාදී තිබෙනවා. ඉදිරි කාලයේදී තවත් නිවාස ඉදිකිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. එම නිවාස ඉදි කළ පසු පලනි දිගම්බරම් අමාත්‍යවරයාගේ නම වතු කම්කරුවන්ගේ හෘද වස්තුවේ ලියැවෙනවා.

පසුගිය ආණ්ඩුව සමයේදී ඉඩම් අයිතිය ලබාදීමේ දී වතු සමාගම් බලපෑම් එල්ල කළා. අපිටත් බලපෑම් එල්ල කරනවා. නමුත් අපි යටත් වන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය ධනපති ආණ්ඩුවක් ලෙස නම් කළත්, ප්‍රගතිශීලී ජනතා සේවාවන් ඉටු කරනවා. පලනි දිගම්බරම් අමාත්‍යවරයාට මෙම වැඩකටයුතු සිදු කිරීමට හැකි වූයේ ඔහු වතුකරයේ ලැයිම් කාමරයක ජීවත් වූ පුද්ගලෙයක් නිසයි. ඔහු දුක හොඳට දන්නවා. නමුත් මේ වන විට වතුකරයේ සිටින ඇතැම් දෙමළ නායකයන්ට ලැයිම් කාමරවල ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ. පලනි දිගම්බරම් මහතා අපේ ආණ්ඩුවට වටිනවා. මම ජාතිවාදයට විරුද්ධ කෙනෙක්. මට දේශද්‍රෝහියා කියලත් මඩ ගැහුවා. බෝම්බ ප්‍රහාර එල්ල කළා. නමුත් ජාතිවාදයට විරුද්ධව මම කටයුතු කරනවා. අපේ සිංහල මිනිසුන් හිතන්නේ දෙමළ, මුස්ලිම් ජනතාව ඔවුන්ට යටත් වෙලා ඉන්න ඕනි කියලයි. නමුත් ඔවුන්ටත් ඔවුන්ගේ අයිතිය ලබාදිය යුතුයි. අපි සියලු ජාතීන්ට සමානව සැලකීමේ සටන ඉදිරියට ගෙන යනවා.

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරම්
වතුකරයේ ජීවත් වී ඔවුන්ගේ අමාරුකම් දන්න කෙනකුට විතරයි මේ ප්‍රශ්න තේරුම් ගත හැකි වන්නේ. මේ ජනතාව පදිංචි ස්ථාන නාය යෑමකට ලක් වෙනවා කියා මේ අය මා හමුවන්නට පැමිණියා. ඊර්ෂ්‍යාකාර වතුකරයේ ඇතැම් පිරිස් කියා තිබුණා මගේ වෘත්තීය සමිති ආවොත් විතරයි මම නිවාස හදා දෙන්නේ කියා. මම වතුකරයේ ජීවත් වූ අයෙක්. මම මේ අයට බිය නැහැ.

මගේ ඉලක්කය වතුකරයේ ජීවත් වන සෑම අයකුටම නිවෙසක් හදා දෙන්නයි. මේ අයට ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව සමඟ ගෞරවයෙන් ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව සකස් කර දෙන්නයි. වතුකර ජනතා සිහිනය සැබෑවක් කර ගැනීමට උපකාර කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුති කරන්නට මා මෙය අවස්ථාවක් කරගන්නවා.

නුවන්
හෙට්ටිආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon