ක්‍රිකට් නිලවරණය තවත් ප්‍රමාද වෙයිද? ක්‍රීඩා ඇමැති අද අයි.සී.සී. හමුවකට යයි

  👤  2725 readers have read this article !
By mawbima 2018-10-22

මීට මාසයකට පමණ ඉහතදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (අයි.සී.සී.) දෙන ලද පොරොන්දුවක් ඉටුකිරීමේ එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමක් ඉක්මනින්ම කැඳවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය සඳහා නිලවරණ කමිටුව පත්කිරීම ඇතුළු අදාළ තීරණ රැසක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මෙම වසරේ සැප්තැම්බර් මස 20 වැනිදා අයි.සී.සී.ය වෙත එම පොරොන්දුව ලබා දුන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සති 2ක් ඇතුළත නිලවරණය පැවැත්වීමට අදාළ විධානය නිසි බලධාරී කමල් පද්මසිරි මහතාට ලබා දෙන්නේ සැප්තැම්බර් මස 22 වැනිදාය. එහෙත් ඉන් මාසයක් ගතව ඇතත් එය ක්‍රියාත්මක නොවුණු අතර නිසි බලධාරී කමල් පද්මසිරි මහතා හදිසියේ මෙන් ඊට අවශ්‍ය කටයුතු දැන් සම්පාදනය කරමින් සිටිනුයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල හමුවක් සඳහා අද දිනයේ (22දා) ක්‍රීඩා අමාත්‍යවරයා පිටත්ව යන පසුබිමක් තුළය.

ක්‍රීඩා අමාත්‍යවරයා ලබා දුන් නියෝගය ප්‍රකාරව මෙතෙක් කිසිදු කටයුත්තක් නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරය සම්බන්ධයෙන් සිදු කර නොමැති අතර නිලවරණ කමිටුව පත් කිරීම සහ විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීමේ නීතිමය කටයුතු පිළිබදව කිසිවක් නිල වශයෙන් මාධ්‍යට අණාවරණය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අපොහොසත්ව සිටියි.

කෙසේ වෙතත් මේ අනුව බලන කල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩා අමාත්‍යවරයාට නිලවරණයක් පැවැත්වීමට ලබාදුන් කාලයට නිසි පරිදි නිලවරණයක් පැවැත්විය නොහැකි බවද අනාවරණය වේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නියෝගයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන වසරේ පෙබරවාරි මස 9 වැනි දින හෝ ඊට පෙර පැවැත්විය යුතුය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon