ලංකා බැංකුවට හා මහජන බැංකුවට අද අලුතින් අධ්‍යක්ෂවරුන්

  👤  2799 readers have read this article !
By mawbima 2018-10-22

ජේ. ටී. ද සිල්වා

ලංකා බැංකුව සහ මහජන බැංකුව සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම අද (22දා) සිදු කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩලවලට සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉකුත් සති අන්තයේදී දැනුම් දී තිබිණි.
ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉකුත් සිකුරාදා සිය තනතුරවලින් ඉල්ලා අස්විය.

ලංකා බැංකුව සහ මහජන බැංකුව තමා යටතේ පවතින බැවින් එම බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වන ලෙස නියෝග කිරීමේ අයිතිය ඇත්තේ තමාට යැයි විෂය භාර ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.


තමා ජනාධිපතිවරයා මුණගැසුණු අවස්ථාවේ එම බැංකු දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල සඳහා නම් නිර්දේශ කර එවන ලෙස තමා වෙත දැනුම් දුන් බැව් පැවැසූ බවද ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon