ව්‍යවස්ථා සභාවට මා පත් කළ බව තවම ලිඛිතව දන්වා නෑ

  👤  2761 readers have read this article !
By mawbima 2018-10-22

ඩබ්ලිව්.කේ.

ප්‍රසාද් මංජු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කරනවාද _ නැද්ද කියා තමා තවම තීරණයක් ගෙන නොමැති බව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා 'මව්බිම'ට පැවැසීය.

තමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කළ බවට මාධ්‍ය වාර්තා පළ වුවද ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් මේ දක්වා තමන් වෙත ලැබී නොමැති බව චමල් රාජපක්ෂ මහතා කීය.

එම පත් කිරීම ලිඛිතව තමා වෙත දැනුම් දුන් පසුව තමන් එය පිළිගන්නවාද? නැද්ද? කියා ප්‍රකාශ කරන බවද චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

අගමැතිගේ සහ විපක්ෂ නායකගේ එකඟත්වයෙන් පත් කරන නියෝජිතයා ලෙස හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon