STF පාලනයට එරෙහිව අඟුණකොළපැලැස්සේ රැඳවියෝ කුලුනකට නඟිති

  👤  2722 readers have read this article !
By mawbima 2018-10-22

හම්බන්තොට _ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, තංගල්ල - සහම්පති මානගේ,

වීරකැටිය - සේන වික්‍රමාරච්චි,
මත්තල _ ඩී.එන්. ජයසේකර

බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යෙදවීමට විරෝධය දක්වමින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නේවාසික රැඳවියෝ පිරිසක් බන්ධනාගාරය තුළ පිහිටි කුලුනක් මතට නැඟ ඊයේ (21දා) විරෝධතාවක නිරත වූහ.

බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යෙදවීමට හා බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර ඇතුළු භාණ්ඩ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කිරීමට එරෙහිව විරෝධය දක්වමින් මෙලෙස රැඳවියෝ විරෝධතාවයේ නිරත වූහ.

රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ ඇති සිවුමහල් නැරඹුම් කුලුන මත නැඟ විරෝධතාවයේ නිරත වෙමින් 'ඉර්ථී අපිට එපා', 'බන්ධනාගාර පාලනයට ඉඊජ් එපා', 'තිස්ස උසාවියෙන් ගෙනා කළුවර කොට ටිකට ඉර්ථී මෙකද කරේ' වැනි පාඨ සඳහන් පුවරු කිහිපයක්ද කුලුන මත ප්‍රදර්ශනය කර තිබිණි. රැඳවියෝ ඊයේ (21දා) උදෑසන 7.00ට පමණ කුලුන මතට නැඟ විරෝධතාව ආරම්භ කළහ.
කුලුන මත සිටින රැඳවියෝ 'හූ' කියමින් එස්ටීඑෆ් අපිට එපායි කෑ ගසමින් කළු කොඩි අතැතිව විරෝධතාවයේ නිරත වූහ. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රැඳවියෝ එක්දහස් තුන්සීයකට අධික සංඛ්‍යාවක් රඳවා සිටිති.

බන්ධනාගාරය තුළ ආරක්ෂාව තර කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සියයකට අධික සංඛ්‍යාවක් යොදවා තිබිණි.

බන්ධනාගාර රැඳවියන්ගේ සුවදුක් විමසීමට පැමිණෙන ඥාතීන් අනවශ්‍ය ලෙස විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරන අතර පිටතින් බත් පාර්සලයක් පමණක් රැගෙන යෑමට අවසර ලබාදී තිබීම හේතුවෙන් බන්ධනාගාරය තුළ අධික මිල ගණන් යටතේ අලෙවි කෙරෙන භාණ්ඩ මිලදී ගෙන රැඳවියන්ට ලබා දීමට සිදුවීම ඉතා අසාධාරණ බව රැඳවියන්ගේ ඥාතීහු පවසති.

කෙසේ නමුත් අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සඳහා බන්ධනාගාරය තුළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් යෙදවීම ඉතාමත් යෝග්‍ය බව ප්‍රදේශවාසීහු පවසති.

අප මේ සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාගෙන් කළ විමසීමේදී ඔහු පැවැසූයේ, විරෝධතාවට සහභාගි වූ රැඳවියන් අතර මුල් පෙළේ අපරාධකරුවන් රැසක් සිටින බවත් කුලුන මත නැඟ සිටින රැඳවියන්ට විරෝධය දැක්වීම සඳහා තවත් රැඳවියන් පිරිසක් කුලුන ආසන්නයේ රැඳී සිටින බවත්ය.

රැඳවියන්ගේ සුවදුක් විමසීමට පැමිණෙන කාන්තාවන් පරීක්ෂාවට ලක් නොකරන ලෙස විරෝධතාවේ නිරත වන රැඳවියන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවැසුවේය. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් බන්ධනාගාරය තුළ සේවයේ යෙදවීමට ක්‍රියා කිරීම හේතුවෙන් තමාට එරෙහිවද රැඳවියන් විරෝධතාව දක්වන බව බන්ධනාගාර අධිකාරිවරයා පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon