ආනන්දි සසිදරන් දෙමළ සන්ධානයෙන් ඉවත් වෙයි

  👤  2866 readers have read this article !
By mawbima 2018-10-22

ලක්ෂ්මි ජයකොඩි

උතුරු පළාත් සභාවේ කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි ආනන්දි සසිදරන් මහත්මිය නිල වශයෙන් ඊයේ (21දා) සිය නව දේශපාලන පක්ෂය ආරම්භය කළාය.

"ඊල තමිල් සුවයාච්චි කළහම්" (දෙමළ ඊළාම් ස්වාධීන සංවිධානය) යන නමින් එම පක්ෂය නම් කෙරුණු අතර තමුන් දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වයෙන් ඉවත් වන බව ඊයේ නිල වශයෙන් ඇය දැනුම් දුන්නාය.
එසේම ඇය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව දැනුම් දී ඇති අතර ඒ බව සඳහන් ලිපියද පළාත් සභාව වෙත යවා තිබේ.

ආනන්දි සසිදරන් මහත්මිය ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට විරුද්ධව කටයුතු කරන බවට චෝදනා එල්ල වූ අතර, ඒ පිළිබඳව පක්ෂය පැවැත්වූ විනය පරීක්ෂණයකින් පසුව ඇයව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කෙරිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon