ජනාධිපති බාලදක්ෂ සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

  👤  1042 readers have read this article !
By mawbima 2018-10-22

ශ්‍රී ලංකාවේ බාලදක්ෂයන්ට ලබාගත හැකි උසස්ම පදක්කම වන ජනාධිපති බාලදක්ෂ සම්මාන ප්‍රදානෝත්සවය ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොල්ගොල්ල සමුපකාර ආයතනයේදී පැවැත්විණි.

බාලදක්ෂ ව්‍යාපාරයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී ජනාධිපති අතින් සිදු කෙරිණි.

ගුවන් බාලදක්ෂ ජම්බෝරියට සහභාගි වී සිටින ශිෂ්‍යයන්ට සිය සුබපැතුම් එක් කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය සඳහා දක්වන දායකත්වය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙතද ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් විශේෂ සම්මාන තිළිණයක් පිළිගැන්විය.

නේපාලනයේ ම්2 කඳුවැටිය තරණය කිරීමට පසුගියදා එක්වූ මහනුවර ධර්මරාජ විද්‍යාලීය බාලදක්ෂ කණ්ඩායම වෙනුවෙන් ජනාධිපතිවරයා දැක්වූ අනුග්‍රහය සිහිපත් කරමින් ජනාධිපතිවරයා වෙත ගෞරව සම්මානයක් පිරිනැමීමද සිදු කෙරිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මෙරිල් ගුණතිලක යන මහත්ම මහත්මීහු සහ දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරන බාලදක්ෂයෝ හා බාලදක්ෂ බාලිකාවෝ මීට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon