ජාතික වප්මඟුල් උත්සවය 29දා තිස්සමහාරාමයේදී

  👤  1024 readers have read this article !
By mawbima 2018-10-22

නුවන් හෙට්ටිආරච්චි

ජාතික වප්මඟුල් උත්සවය මේ මස 29 වැනිදා තිස්සමහාරාම වෙල් යායේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ගිය වර්ෂයට වඩා වැඩි බිම් ප්‍රමාණයක් වගා කිරීම මෙවර වප්මඟුල් උත්සවයේ අරමුණ බවත් ඊට අවශ්‍ය වර්ෂාව ප්‍රමාණවත් ආකාරයට වඩා ලැබී ඇති බවත් සඳහන් කරන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ අනුව සියලුම පුරන් කුඹුරු අස්වැද්දවීමටද පියවර ගන්නා බවයි.

මේ වන විට ලෝක වෙළෙඳපොළේ පොහොර මිලද ඩොලර් 55කින් ඉහළ ගොස් ඇති බවත් නමුත් ගොවියා අපහසුතාවට පත්වන පරිදි කිසිදු ආකාරයකට පොහොර සහනාධාරය අඩු නොකරන බවත් හෙතෙම පැවැසීය.

අමාත්‍යවරයා මෙසේද කීය.

කඳුකරයේ පොහොර භාවිතය නිසා පහළ ජලාශවල ඇල්ගී වැවෙනවා. එකම හේතුව රසායනික පොහොර භාවිතය. ඒ නිසා අපි ඊට විසඳුම් හොයනවා. අනෙක අපි දැන් ගොවියාට සහතික මිල ක්‍රමයක් හඳුන්වා දෙමින් යනවා. ඒ වගේ පසු අස්වනු නාස්තිය අවම කිරීමට පියවර ගන්නවා. වගා කාලය ආරම්භ කරනවා. පැළ සිටුවීමේ වැඩසටහන් කරනවා. වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන් හඳුන්වා දෙනවා. ඒ මේ ගොවියාට හිත සුව පිණිසයි.

දේශීය ගොවියා රැක ගැනීමට විදේශයෙන් ආනයනය කරන බෝග හා ආහාරවලට බදු ගහනවා. ඒ හරහා දේශීය නිෂ්පාදන සුරක්‍ෂිත වෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon