නාලක ද සිල්වාගේ වැඩ තහනම් කළ බව කීම බොරුවක් වැඩ තහනම් කළා නම් නිල රථයෙන් තවමත් යන්නේ කොහොමද? - නීතිඥ ප්‍රේමනාත් සී. ‍ෙදාළේවත්ත මහතා අසයි

  👤  1013 readers have read this article !
By mawbima 2018-10-22

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ තහනම් කර තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කිරීම අසත්‍යයක් බවත් ඔහුගේ වැඩ තහනම් කර තිබෙනවා නම් ප්‍රකාශ ලබාදීම සඳහා නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුගේ නිල රථයෙන් පැමිණෙන්නේ කෙසේද? කියා විමසමින් තමන් රහස් පොලිසියට පැමිණිල්ලක් කළ බවත් නීතිඥ ප්‍රේමනාත් සී. ‍ෙදාළේවත්ත මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට බරපතළ චෝදනාවක් නාලක ද සිල්වා මහතාට එරෙහිව එල්ල වී තිබියදී නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳ බරපතළ සැකයක් පවතින බවද ප්‍රේමනාත් සී. ‍ෙදාළේවත්ත මහතා පෙන්වා දෙයි.

නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට නොගන්නේ මෙම ඝාතන කුමන්ත්‍රණය පිටුපස ආණ්ඩුවේ ප්‍රධානියකු සිටින නිසා බවත් අත්අඩංගුවට ගතහොත් නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණයේ සියල්ල හෙළි කරාවි යැයි කියා ආණ්ඩුවේ ප්‍රබලයන්ට දැඩි බියක් ඇති වී තිබෙන බවත් ප්‍රේමනාත් සී. ‍ෙදාළේවත්ත මහතා ප්‍රකාශ කරයි.

ඉතාම සුළු කාරණයකට පරීක්ෂණ පැවැත්වීමටත් පෙර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අත්අඩංගුවට ගෙන ඉන්පසුව පරීක්ෂණ පවත්වන බවත්, ජනාධිපති ඝාතන තැතකට සැකපිට කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියකු වතුර බෝතලයක් ළඟ තබාගත් නිසා අත්අඩංගුවට ගැනීම ඊට හොඳම උදාහරණයක් බවද ප්‍රේමනාත් සී. ‍ෙදාළේවත්ත මහතා පෙන්වා දෙයි.

නමුත් නාලක ද සිල්වා මහතාගේ හඬ පටයෙන්ද මෙම කුමන්ත්‍රණය පිළිබඳ පැහැදිලි සාක්ෂි සනාථ වී තිබියදීත් මෙම පරීක්ෂණ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම බරපතළ කාරණයක් බවද වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ ප්‍රේමනාත් සී. ‍ෙදාළේවත්ත මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon