අහුන්ගල්ලේ ජිලට් මාතාව අවසන් ගමන දෝලාවෙන් යයි

  👤  1021 readers have read this article !
By mawbima 2018-10-22

අහුන්ගල්ල - ඒ. සිවනෙත්ති

'කතාව දෝලාවෙන් ගමන පයින්' ගිය බව ජනප්‍රවාදයේ පවතී. එහෙත් කාන්තාවක් අවසන් ගමන් දෝලාවෙන් ගිය අහඹු සිදුවීමක් 20 වැනිදා අහුන්ගල්ලේදී දැක ගන්නට ලැබිණි.

බළපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ඇම්.ඩබ්ලිව්. සෙනරත් මහතාගේ මෑණියන් වන එස්.ඩබ්ලිව්. ජිලට් මහත්මියගේ දේහය සිය නිවෙසේ සිට සුසාන භූමිය දක්වා මෙසේ රැගෙන එනු ලැබුවේ දෝලාවෙනි. දරුවන් දසදෙනකුගේ මවක් වන ඇයට දරු මුනුබුරන් එකසිය විසි දෙනෙක් පමණ සිටිති.

ඇයට කරන උපකාරයක් වශයෙන් දරුවන් විසින් අහුන්ගල්ල පතිරාජගම සිට ගල්වෙහෙර සුසාන භූමිය දක්වා කිලෝමීටර් දෙකකට ආසන්න දුර ප්‍රමාණයක් දේහය දෝලාවේ තබාගෙන කර මතින් ගෙන එනු ලැබූ අයුරු...

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon