මුළු රටම දැනගත්තා සංස්කෘතික අමාත්‍යාංශයේ ඉන්නේ නිලධාරීන් හා සේවකයන් නොව නැට්ටුවන් කියලා - මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි

  👤  1020 readers have read this article !
By mawbima 2018-10-22

අනුරාධපුර - මහේෂ් විජේසිංහ

වර්තමාන ආණ්ඩුවේ සංස්කෘතික අමාත්‍යාංශයේ සිටින්නේ නැට්ටුවන් බව දැන ගත්තේ පසුගියදා සංස්කෘතික අමාත්‍යවරයා කළ ප්‍රකාශයෙන් බවත් තමන් වහන්සේට කිසිවකු පෙරහරේ නැටවීමට අවශ්‍ය නැති බවත් වර්තමාන ආණ්ඩුවේ ඇතැමුන් නන් ‍ෙදාඩවනවා යැයි මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ශාස්ත්‍රපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණෝ පැවැසූහ.

මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ අනුශාසනාව පරිදි වාර්ෂිකව පවත්වන වැඩිහිටි උත්සවය අමතමින් පසුගියදා සංස්කෘතික අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා මාධ්‍යයට කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ බව කීහ.

එහිදී වැඩිදුරටත් අනුශාසනාවක් කළ විහාරාධිපති හිමියෝ මෙසේ පැවැසූහ. බුදු හාමුදුරුවන්ගේ උත්සව අවලංගු කරන්න, මිහිඳු හිමියන්ගේ උත්සව අවලංගු කරන්න රජයට බෑ.

නත්තල්, තෛයිපොංගල් හා හජ්ජි උත්සව අවලංගු කරන්න රජයට බෑ. සම්ප්‍රදාය වෙනස් කරන්න දේශපාලනඥයන්ට බෑ. මිහිඳු මාහිමිපාණන් පිරිනිවන් පා වසර 2278ක් ගෙවීමේ පුණ්‍ය උත්සවය පසුගියදා (16දා) ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තිබ්බේ.

හෙලිකොප්ටර් බාන්න පවා තැන් සූදානම් කරලා තිබ්බේ. දින කිහිපයකට පසුව කියනවා උත්සවය කැන්සල් කියලා.

උත්සවය කැන්සල් කරලා ඇමැතිවරයා උත්තර දෙනවා ඒක නොකළේ හාමුදුරුවන්ට දායක සභාවක් නැති නිසා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙරහරේ නටවන්න හදපු නිසා කියලා. අපිට කවුරුත් පෙරහරවල්වල නටවන්න ඕන නෑ. නමුත් මුළු රටම දැනගත්තා සංස්කෘතික අමාත්‍යාංශයේ ඉන්නේ නිලධාරීන්, සේවකයන් නෙමෙයි නැට්ටුවන් කියලා. මම ඇත්ත කතා කරන්න බය නෑ. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයෙත් කියන්න ඕන දේ කිව්වා. මේ ආණ්ඩු සමයෙත් කියන්න ඕන දෙය කියන්න ඕන තැන කියනවා. මම ඡන්දය ඉල්ලන්නේ නෑ. නමුත් බුද්ධ පුත්‍රයකු වශයෙන් දුෂ්කර ක්‍රියා කරමින් කටයුතු කරනවා. මේ ජීවිතය දුෂ්කර ක්‍රියාවක්. නමුත් අපි ඒ දුෂ්කර ක්‍රියාව කරගෙන ඉදිරියට යනවා.

වැඩිහිටියන්ට ගරු සරුවක් නෑ. ස්වාමීන් වහන්සේලාට ගරු සරුවක් නෑ. මේ මිනිස්සු නන්‍ෙදාඩවනවා. අමුකැවිලා. ඔය ඇමැතිතුමා කිව්වා දඹුල්ලේ විහාරයේ පින් කැට සල්ලි ගන්න දෙන්න බෑ. මේවා අයිති මහා භාරකාරයට කියලා. එහෙම කියපු විහාර දේවාලගම් පනත දන්න එතුමා කියනවා, හාමුදුරුවන්ට දායක සභාවක් නෑ. කියලා. ඔය ඉස්සරහා ඉන්නේ දායකයෝ තමයි. තව තුන්දාහක විතර පිරිසක් මා සමඟ ඉන්නවා. ඔවුන් දායකයෝ තමයි.

ඔය ඇමැතිතුමා මේ ආණ්ඩුවෙන් අයින් වෙලා මල්වතු මහා නායක හිමියන් බැහැ දැකපු අවස්ථාවේ කිව්වා. කුණු වෙච්ච ආණ්ඩුවේ ඇමැතිකම් නම් ආපහු ගන්නෑ කියලා. නමුත් දැන් කුණු වෙච්ච ආණ්ඩුවේ සංස්කෘතික අමාත්‍යවරයා. එතුමා කොහෙන් කතා කරනවාද මන් දන්නෑ. නමුත් අපි කියන්න තියන දේ කෙළින්ම කියනවා.

මහ සෑයට යන පඩි පෙළ හදලා දෙන්න කිව්වම මට අධ්‍යක්‍ෂතුමා ශාසනාලයෙන් දන්වනවා රුපියල් ලක්‍ෂ සීයයක් හොයා ගන්න කියලා. මේවා කාටද කියන්නේ. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාර හා මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරු මේ විහාරය වෙනුවෙන් බොහෝ දේ කළා යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon