අපේ නඩුවට බයේ මංගල මිල සූත්‍රය එළියට දැම්මා

  👤  2488 readers have read this article !
By mawbima 2018-10-23

ආණ්ඩුව මිල සූත්‍රය කැමැත්තෙන් හෙළි නොකළ බවත් අපි නඩු දානවා කියලා කරපු තර්ජන හමුවේ ආණ්ඩුවට තවදුරටත් නීති විරෝධීව එය සඟවා ගෙන සිටින්නට බැරි වූ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (22දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

වත්මන් ආණ්ඩුවට රට විනාශ කරන්න පුළුවන් වුණේ 2015 ජනවාරි 8 බලයට පැමිණි නිසා. ඒ ජයග්‍රහණයට ජවිපෙ විශාල දායකත්වයක් දැක්වූ බව කියන්නේ මම නෙවේ, පක්ෂ නායක අනුර දිසානායක මහතා.

එතැන මෙතැන නොවේ. රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ. 2015 ජනවාරි 20දා එතුමා කළ කතාව හැන්සාඩ් එකේ 16 වැනි පිටුවේ තිබෙනවා. අනුර කුමාර දිසානායක මහතා එහිදී මෙහෙම කියනවා. 'ජනවාරි මාසයේ 8 වැනිදා මේ රටේ ජනතාව සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබෙනවා.

ඒ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයා විදියට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් එක්සත් ජාතික පක්ෂය ඒ වගේම ආණ්ඩුව ඇතුළේ සිටි විවිධ පාර්ශ්ව සහ පිටින් ඉන්නා අපි වගේ පාර්ශ්වයන් වගේම ටී.එන්.ඒ. වගේ පාර්ශ්වයන්ගෙනුත් විශාල දායකත්වයක් ලැබී තිබෙනවා.' මේ ආණ්ඩුව බලයට ගෙනාවේ අපිය කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ජනවාරි 20 උදම් අනනවා. ඒ වගේම මේ ආණ්ඩුවට ඡන්ද කල්දාමින් බලයේ ඉන්න උදවු කරන්නෙත් ජවිපෙ.

එහෙම නම් ජවිපෙ සාමාජිකයන් මේ ආණ්ඩුවට ඇත්තටම විරුද්ධ නම් ඔවුන් කළ යුත්තේ මේ ආණ්ඩුවට බලයට පත් කරන්න විශාල දායකත්වයක් ලබා දුන්නු මේ ආණ්ඩුවට බලය රැක ගන්න කොන්දේසි විරහිතව දායකත්වයක් ලබා දෙන ජවිපෙ නායකත්වයට එරෙහිව උද්ඝෝෂණය කිරීමයි. දැනට උද්ඝෝෂණය පැවැත්වෙන තැන තීරණය කරලා නැතිලු. ඒ නිසා ජවිපෙ මූලස්ථානය ඉදිරියේ ඒ උද්ඝෝෂණය පැවැත්වීම වඩා සුදුසුයි කියා මම යෝජනා කරනවා.

පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද
අපි ජාතිය වෙනුවෙන් දේශපාලනය කළේ. යක්ෂයාට ගල්ගහමු කියපු මිනිසෙක් හිටියා, පාඨලී චම්පික රණවක කියලා. යක්ෂයා ලෙස නම් කළේ ප්‍රභාකරන්ව. ජාතිය පාවා දෙමින්, තමන්ගේ පෞද්ගලික වුවමනාවට, ‍ෙදාන් ජුවන් ධර්මපාලගේ ඔඩොක්කුවට වැටිලා පාච රණවක වෙච්ච පාඨලී චම්පික රණවකගේ අතත් එසවෙනවා ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න වෙද්දී. මෙහෙම රඟපාන්න දෙන්න බෑ. දේශපාලනඥයො නළුවන් වෙන්න බෑ.

එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට නවීන් මහතාට කියන්න ඕන ඔබට ඔය පක්ෂයේ අනාගතයක් නෑ කියලා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon