ක්‍රීඩා ශූරී පාරමී වසන්තිට කුලියාපිටිය මැදි විදුහලේ ආදි සිසුන්ගෙන් උපහාර

  👤  2392 readers have read this article !
By mawbima 2018-10-23

කුලියාපිටිය - ආර්. ඒ. විමලරුවන්
ඡායා - සරත් කුමාර

කුලියාපිටිය මැදි විදුහලේ සිසුවියක වන පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩා ශූරිය සිය මවුබිමටත් තම විදුහල් මාතාවටත් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දක්ෂතා දක්වමින් ලබාදී ඇති අතිමහත් කීර්තිය අගයමින්, කුලියාපිටිය මැදි විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය ඊයේ (22දා) පෙරවරුවේ එම සිසු ක්‍රීඩා ශූරියටත් ඇගේ පුහුණුකරු වන කුලියාපිටිය මැදි විදුහලේ ක්‍රීඩා අංශයේ ප්‍රධානි ජනිත ජයසිංහ මහතාටත් සුබ පැතුම් හා උපහාර පිරිනැමීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි. කුලියාපිටිය සුභාරතීපුර බුදු මැඳුර අබියස පැවැති එම උළෙලේ සමාරම්භය බෞද්ධ හා කතෝලික ආගමික නායකයන්ගේ ආශීර්වාදයෙන් සිදු විය.

කුලියාපිටිය මැදි විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය පාරමී වසන්ති හා ජනිත ජයසිංහ වෙත ප්‍රසාද තිළිණයක් ලෙස රුපියල් ලක්ෂය බැගින් වූ චෙක්පත් මෙහිදී පිරිනැමීය.

ඔවුන් දෙදෙනා පෙරටුකරගත් විවෘත රිය පෙරහර නගරයේ වීදි සංචාරය කළ අතර අතරමඟදී ඔවුන් දෙදෙනා ඉතා හරසරින් පිළිගෙන උපහාර දක්වා තිළිණ පිරිනැමීමේ අවස්ථා රැසක්ද විය. මෙම අවස්ථාවට පාරමී වසන්ති ක්‍රීඩා ශූරියගේ මව හා පියාද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon