ටී-56 උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් ලද්දු රොෂාන් ඇතුළු සිවුදෙනාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසියට නියෝග

  👤  2368 readers have read this article !
By mawbima 2018-10-23

බුත්තල - නයන කුමාර

සියඹලාණ්ඩුව පොලිසිය මඟින් ඊයේ ටී 56 උණ්ඩ 3000ක්, එම්.එම්. 9 වර්ගයේ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් පාතාල සාමාජික ලද්දු රොෂාන් ඇතුළු සැකකරුවන් දෙදෙනා හා සැකකාරියන් දෙදෙනා අද (23දා) දක්වා රඳවා ප්‍රශ්න කිරීමට සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

මෙසේ ප්‍රශ්න කිරීම සඳහා නියෝග කළේ ටී 56 උණ්ඩ 3000ක් හා එම්.එම්. 9 උණ්ඩ 32ක්, කේ.ඩී.එච්. වර්ගයේ සුඛෝපභෝගී වෑන් රථයකින් සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සිට ගාල්ල ප්‍රදේශයට රැගෙන යමින් සිටියදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
මෙසේ රඳවා ප්‍රශ්න කිරීම සඳහා නියෝග නිකුත් කර ඇත්තේ පාතාල නායක කොස්ගොඩ සුජීගේ ගෝලයකු වන ලද්දු රොෂාන් හා ඔහුගේ බිරිය ඇතුළු තවත් කාන්තාවක් හා පිරිමි අයකුටය.

මෙසේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ මුදුගොඩ පාර, සීනිගම, හික්කඩුව ලිපිනයේ පදිංචි කලක් නාවික හමුදාවේ සේවය කළ සෙබළ ලද්දු රොෂාන් (36), ගොනපීනුවල පදිංචි කෝට්ටගොඩ කංකානම්ගේ උපුල් ප්‍රියන්ත (37), ගාල්ල පාර, වැල්ලවත්ත, හික්කඩුව ලියනගේ මයුරි ද සිල්වා (33) හා ක්‍රීඩාපිටිය පටුමඟ මැද්දවත්ත, ගාල්ල පදිංචි කලංසූරිය ආරච්චිලාගේ සාරිකා ඉරෝෂණී යන සිවුදෙනාටය. සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති පො.ප. ප්‍රියන්ත බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon