‘වෛෂ්ණව ජන තෝ’

  👤  2364 readers have read this article !
By mawbima 2018-10-23

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය කැ¼දවා ගෙන ගියේ හයිද්‍රාබාද් මන්දිරයේ මාධ්‍ය ආලින්දය වෙතය.

"අපි ගීතයක් රස විඳිමු" යැයි කී මෝදි මහතා සිය ටැබ් යන්ත්‍රය පණ ගැන්වීය.

එය 15 වැනි සියවසෙහි නිර්මාණිත පැරැණි ගුජරාටි භජන් ගීතයකි. මෝදි මහතාද ගුජරාටි පවුලක උපන්නෙකි. ඔහු ගුජරාටි ප්‍රාන්තයේ මහ ඇමැති තනතුරද දැරීය. මේ ගුජරාටි භජන් ගීතය ඉන්දීය නිදහස් අරගල අවස්ථාවේදී ගැයුණු, අදත් එකසේ ජනප්‍රියත්වයට පත් ගීයකි.

'වෛෂ්ණව ජන තෝ' නම් ගීතයේ අරුත මෙසේය.

"අනුන්ගේ දුක දැනෙන, විපතට පත් වූවන්ට සරණ වෙන, මාන්නයෙන් තොර වූවෝ සැබෑ වෛෂ්ණවයෝය. ඔවුහු මුළු ලොවට ම ගරු කරති. අනුන් ගැරහීමට ලක් නොකරති. වචනයෙන්, ක්‍රියාවෙන් හා සිතිවිල්ලෙන් පිරිසුදු වෙති. ඒ නිසාම ඔවුන්ගේ මවුවරු ආශිර්වාදයට ලක් වෙති."

මෝදි මහතාගේ ටැබ් යන්ත්‍රයෙහි ප්‍රදර්ශනය වූයේ පැරැණි ගීතයේ නව නිර්මාණයකි. එය රූගත කර තිබුණේ ලංකාවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේය. ගීතය ගයනා කළෝ භාතිය, සන්තුෂ් උමාරියා සිංහවංශ, අසංක ධනංජය හා රශික ප්‍රදීප් යන ලාංකේය ශිල්පීන් විසින් ය.

"මේ ඔබේ රට විසින් අපේ රටේ මහත්මා ගාන්ධි තුමන් වෙත දැක්වූ සංගීතමය උපහාරයක්. ඊට ස්තුතියි" මෝදි මහතා පැවැසීය.

"ගාන්ධිතුමන්ගේ මාර්ගය අනුගමනය කරලා තමයි ඩී.එස්. සේනානායක මහතා අපේ රටට නිදහස ලබා ගත්තේ. ඊට ස්තුතියි" වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඡායා - අමිත තෙන්නකෝන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon