එංගලන්තයට එරෙහි විස්සයි-20 සංචිතයට කමිඳු මෙන්ඩිස් නම් කරයි

  👤  2371 readers have read this article !
By mawbima 2018-10-23

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වෙන එකම විස්සයි-20 ක්‍රිකට් තරගය සඳහා 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ (22දා) ප්‍රකාශයට පත්කළ අතර, එම සංචිතයට අවුරුදු 20ක් වයසැති වමත් පිතිකරුවකු මෙන්ම දකුණත් පිට දඟ හා වමත් දඟ පන්දු යවන ක්‍රීඩකයකු වන කමිඳු මෙන්ඩිස් නම් කර තිබීම විශේෂත්වයකි.

ගාල්ල රිච්මන්ඩ් විදුහල් කණ්ඩායම නියෝජනය කළ කමිඳු මෙන්ඩිස් මේ වසරේදී පැවැති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අතර, එංගලන්තය සමඟින් පී. සරවනමුත්ත පිටියේදී පැවැති පුහුණු එක්දින තරගයේදී ලකුණු 61ක් ලබාගැනීම මෙම උසස්වීමට හේතු වී තිබේ.

කෙසේ වෙතත් තිසර පෙරේරා නායකත්වය දරන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට එංගලන්තය සමඟින් පැවැති දෙවැනි එක්දින තරගය අතරතුරදී මස්පිඬු ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාද නම් කර තිබීම කැපී පෙනේ.

ශ්‍රී ලංකා සංචිතය _
තිසර පෙරේරා (නායක),
දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල,
කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්,
දසුන් ශානක, ධනංජය ද සිල්වා,
කුසල් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්,
නුවන් ප්‍රදීප්, කසුන් රාජිත,
අකිල ධනංජය,
දුෂ්මන්ත චමීර,
ලසිත් මාලිංග, ඉසුරු උදාන
අතිරේක _
අමිල අපොන්සු,
සධීර සමරවික්‍රම,
ෂෙහාන් ජයසූරිය,
ෂෙහාන් මධුසංක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon