රොකට්ටුවක් හැදූ ගිහාන්ට ජනපතිගෙන් ලක්ෂ 10ක්

  👤  2329 readers have read this article !
By mawbima 2018-10-23

කිලෝමීටර් 20ක දුරකට යැවිය හැකි යැයි අනුමාන කරන රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රුපියල් දසලක්ෂයක මූල්‍ය පරිත්‍යාගයක් ඊයේ (22දා) ලබා දුන්නේය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සමගාමීව පැවැති ප්‍රදර්ශනයේදී මෙම රොකට්ටුව ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වූ අතර එහිදී සිසුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා එම රොකට්ටුව වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත්, රොකට්ටුව ගුවන්ගත කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවත් සඳහන් කළේය.

ඒ අනුව එහි ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් පළමු අදියර ලෙස මෙම රුපියල් ලක්ෂ 10ක මුදල ලබා දීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික නිලධාරීන්ද මෙම අවස්ථාවට කැඳවා තිබුණු අතර රොකට්ටුව ගුවන්ගත කිරීම සඳහා ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon