උ.නැ. ඉඩම් ආපසු දීම දෙසැ. 31ට පෙර නිමකරන්න

  👤  2305 readers have read this article !
By mawbima 2018-10-23

උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල ආරක්‍ෂක අංශ භාරයේ පවතින ඉඩම් එහි මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කිරීමේ වැඩපිළිවෙළ මෙම දෙසැම්බර් 31 වැනිදාට පෙර අවසන් කිරීමට මැදිහත් වී කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා එම පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දෙයි.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ 2018 වර්ෂයේ පළාත් සභාවල කාර්යභාර්ය සහ ප්‍රගතිය පිළිබඳ ඊයේ (22දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

සියලුම පළාත් ආණ්ඩුකාරවරු පළාත් ප්‍රධාන අමාත්‍යවරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පළාත් සභාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය පුරප්පාඩු පිරවීම ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මෙහිදී ජනාධිපතිවරයා පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නේ ග්‍රාමීය ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා තම පූර්ණ දායකත්වය ලබා දෙන ලෙසයි.

දිළිඳුකම පිටුදැකීම උදෙසා ක්‍රියාත්මක ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන "ග්‍රාමශක්ති" ජාතික වැඩසටහනේ අරමුණු නිසි ලෙස ඉටු කර ගැනීම ස¼දහා සියලු දෙනා කැපවී කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය මෙන්ම වතුකරයේ ජනතාවගේ ගැටලු පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. එම ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් පළමු වතාවට ඔවුනට ස්ථීර ඉඩම් ඔප්පු ලබාදීමටත් නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළ කාර්යක්‍ෂම කිරීමටත් ජනාධිපතිතුමා සිදු කරන මැදිහත්වීම පිළිබඳ මෙහිදී වතු ජනතාව වෙනුවෙන් අමාත්‍ය පී. දිගම්බරන් මහතා ජනාධිපතිවරයා වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon