කලින් දවසේ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ලෙඩ නිවාඩු අරන්

  👤  2385 readers have read this article !
By mawbima 2018-10-23

කුමුදු උපුල් ශාන්ත

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් විරෝධතාවක නිරත වූයේ කිසියම් නිලධාරීන් පිරිසක් කළ පූර්ව සැලසුමට අනුවදැයි කිසියම් සැකයක් උපදින බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ වන විට විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර හා අධිකරණ අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ අතිරේක ලේකම් බන්දුල ජයසිංහ මහතා පැවැසීය.

එකී රැඳවූවන් විරෝධතාවයේනියැළුණු දවසේ (21දා) එම බන්ධනාගාරයේ නියාමකයන් බොහෝ දෙනකු ලෙඩ නිවාඩු ගෙන තිබීම එම සැකයට තුඩුදෙන ප්‍රධාන හේතුවක් බවද ඒ මහතා කීය.

දැනට සිදුකෙරෙමින් පවතින විමර්ශනවලදී එවැනි තත්ත්වයක් අනාවරණය වුවහොත් එකී නිලධාරීන්ගේ තරාතිරම නොබලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවැසූ ඒ මහතා රැඳවූවන් හෝ වෙනත් කවුරුන් හෝ විරෝධය දැක්වුවද පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සෙසු බන්ධනාගාරවලටද ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon