එජාපයට බහුතරයක් නැති බව 14 වැනිදාට දැකගත හැකියි

  👤  2695 readers have read this article !
By mawbima 2018-11-09

පාර්ලිමේන්තුවේ බහුතරය සත්‍ය වශයෙන්ම යූ.එන්.පී.යට නැති බව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පළමු ඡන්දයෙන්ම දැනගත හැකිවේ යැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි.

රනිල් ඇතුළු යූ.එන්.පී. නඩය උත්සාහ කරන්නේ පෙබරවාරි 10 ඡන්දයෙන් පිළිබිඹු වූ යූ.එන්.පී. විරෝධී ප්‍රබල ජනමතය ඔවුන්ගේ බටහිර ලෝකයේ මිතුරන්ගේ හ¾ඩින් යටපත් කර දැමීමටයි.

අපගේ නව ආණ්ඩුවට එරෙහි වන්නා වූ අධිරාජ්‍යවාදී රටවල් කිහිපයක් රනිල් වික්‍රමසිංහ ඇතුළු මෙරට ඉහළ පන්තිය සමඟ එකතු වී දෙමළ සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණේ සහායෙන් කථානායකවරයා කුළු ගන්වමින් සිටිනවා.

අද පාර්ලිමේන්තුව මෙරට ජනමතය නියෝජනය නොකරන බැවින් මහ මැතිවරණය මඟින් ජනවරම විමසීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිණිස 2/3 ඡන්දයක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම්ද?


ජනාධිපතිතුමන් ගත් තීරණාත්මක පියවර එක් රැයක් පහන් වන විට සිදුවූවද මේ අරමුණ උදෙසා ජන බලවේගයක් ගොඩනැඟීමට කළ ජීවිත පූජාවන්, විපක්ෂයේ අප මෙහෙය වූ උද්ඝෝෂණ හා අනන්තවත් කැප කිරීම් දායක වුණා.

ශලනි වෙත්තසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon