තමන්ට එරෙහිව ගොනු කළ පෙත්සම විභාග නොකරන්නැයි විග්නේශ්වරන් කළ ඉල්ලීම ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ඉවතට

  👤  2563 readers have read this article !
By mawbima 2018-11-09

කමල් මහේන්ද්‍ර වීරරත්න

තමා දැරූ පළාත් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් බී. ඩෙනිශ්වරන් විසින් උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන්ට එරෙහිව ගොනුකොට ඇති පෙත්සම විභාගයට නොගන්නා ලෙස ඉල්ලමින් මහ ඇමැතිවරයා විසින් ශේ‍ර්ෂ්ඨාධිකරණයට ගොනු කොට තිබූ පෙත්සම ශේ‍ර්ෂ්ඨාධිකරණය ඊයේ (08දා) නිෂ්ප්‍රභ කරනු ලැබීය.

ප්‍රියන්ත ජයවර්ධන, විජිත් කේ. මලල්ගොඩ හා එන් බී. මුර්දු ප්‍රනාන්දු යන ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම විමසුමට ලක්විය.

බාලසුබ්‍රමනියම් ඩෙනීශ්වරන් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකරමින් ඉල්ලා සිටින ලද්දේ උතුරු පළාත් මහ ඇමැතිවරයා විසින් නීතියට පටහැනිව ක්‍රියාකරමින් තමා දැරූ ප්‍රවාහන හා සෞඛ්‍ය පළාත් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලද බවත් එබැවින් එකී නීතිවිරෝධී නියෝගය අත්හිටුවමින් "රිට්" ආඥාවක් මඟින් මහ ඇමැතිවරයාට නියෝගයක් කරන ලෙසත්ය.

ඒ අනුව පෙත්සම විමසුමට ගත් අභියාචනාධිකරණ ඩෙනීශ්වරන් (පෙත්සම්කරු) විසින් ඉල්ලා සිටිනු ලැබ තිබූ මූලික අතුරු සහන ඉල්ලීමක් පිළිගනිමින් මහ ඇමැතිවරයාගේ නියෝගය පෙත්සම් විභාගය නිමා වන තෙක් අත්හිටුවමින් අතුරු තහංචි (වාරණ) නියෝගයක් නිකුත් කරමින් පෙත්සම විභාගයට ගනු ලැබීය.

එහෙත් මහ ඇමැතිවරයා එකී අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකර සිටි බවත්, එමඟින් හිටපු ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරයකුද වන මහ ඇමැතිවරයා නීතිය දැන දැනමත් එසේ ක්‍රියාකිරීමෙන් අධිකරණයට බරපතළ අවමානයක් හා අපහාසයක් සිදු කොට ඇති බවත් පවසමින් ඩෙනීශ්වරන් විසින් ඉකුත් ජුනි මස 29 වැනි දින මෝසමක් මඟින් පැමිණිලිකර සිටියේය. මේ අතරතුර (හිටපු) මහ ඇමැතිවරයා විසින් ඩෙනීශ්වරන්ගේ පෙත්සම විභාගයට නොගන්නා ලෙසට නියෝගයක් ඉල්ලා සිටිමින් ශේ‍ර්ෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනා පෙත්සමක් ගොනු කරන ලද අතර ඊයේ (08දා) ඉවත දමන ලද්දේ මහ ඇමැති විග්නේශ්වරන් විසින් ගොනුකොට තිබූ විශේෂ අභියාචනා අවසර පෙත්සමයි.

ජනාධිපති නීතිඥ කානග් ඊශ්වරන් මහ ඇමැති (හිටපු) විග්නේශ්වරන් වෙනුවෙන් පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon