නිවෙසේ කසිප්පු පෙරමින් සිටි වෛද්‍යවරයා අත්අඩංගුවට

  👤  2955 readers have read this article !
By mawbima 2018-11-09

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

මහනුවර - මැණික්හින්න ගල්අමුණ දහයේ කණුව ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙක් බව කියන පුද්ගලයකු සිය නිවෙසේ කසිප්පු පෙරමින් සිටියදී මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් විසින් පෙරේදා (07දා) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය එම ස්ථානය වටලන විටත් ඔහුගේ නිවෙස පිටුපස කසිප්පු පෙරීම සඳහාම වෙන්කළ කාමරයක වෛද්‍යවරයා කසිප්පු පෙරමින් සිටි බව පොලිසිය කියයි. ගෝඩා බැරල් දෙකක්, කසිප්පු පෙරීමට ගන්නා උපකරණ සහ කසිප්පු ලීටර් පහළොවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිවෙසේ පිටුපස කොටසට ගෑස් භාවිතයෙන් මෙම කසිප්පු පෙරීම් ජාවාරම සිදු කරගෙන ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි. සැකකාර වෛද්‍යවරයා දේශීය වෙද හෙදකම් මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් කරන අයෙක් ලෙසත් ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයෙක් යැයිද පොලිසිය කියයි.

මෙම වෛද්‍යවරයා මැතිවරණයකට ප්‍රධාන පක්ෂයකින් තරග කළ අයකු බවටද පොලිසියට තොරතුරු ලැබී තිබේ.

මහනුවර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර මහතාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.එම්. උපතිස්ස, උප පොලිස් පරීක්ෂක අබේසූරිය, පොලිස් සැරයන් විජේසුන්දර (26083), පොලිස් කොස්තාපල් රණවීර (35739, ප්‍රභාත් (37739), කුමාර (50165), බණ්ඩාර (39151), අතපත්තු (26038), කාන්තා පොලිස් කොස්තාපල් සේනානි (3751) ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම කර තිබේ.      

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon