නවසීලන්ත පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය බෝල්ට්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

  👤  2555 readers have read this article !
By mawbima 2018-11-09

පාකිස්තානු කණ්ඩායම සහ නවසීලන්තය අතර මේ දිනවල පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී නවසීලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වූ අතර, නවසීලන්ත ක්‍රීඩකයකු වාර්තා කළ තෙවැනි කඩුලු ත්‍රිත්වය වශයෙන් එය ඉතිහාසයට එක් විය.

මින් පෙර 1994 වර්ෂයේදී ඉන්දියාවට එරෙහිව නේපියර්හිදී ඩැනී මොරිසන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් අතර 2007 වර්ෂයේදී හෝබාට්හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ෂේන් බොන්ඩ් කඩුලු ත්‍රිත්වයක් ලබාගෙන තිබිණි.

අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු ලකුණු 266ක් ලබා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 47යි පන්දු 2කදී සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 219ක් පමණි.

එම තරගයේ පාකිස්තාන ඉනිමේ දෙවැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී එක් ලකුණක් ලබා සිටි ආරම්භක පිතිකරු ෆකාර් සමාන් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්ද, ඉන් අනතුරුව පැමිණි බාබර් අසාම් හා මොහොමඩ් හෆීස් දවාගත් බෝල්ට් තම එක්දින ඉතිහාසයේ පළමු කඩුලු ත්‍රිත්වය ලබාගත්තේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon