බැඳුම්කර හොරුන්ට ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක කරනවා

  👤  2884 readers have read this article !
By mawbima 2018-11-09

ඉෂාරා සිල්වා, ශලනි වෙත්තසිංහ

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සියලු වග උත්තරකරුවන්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

බැඳුම්කර කොමිසමේ වාර්තාව කියැ වූ විට එම සිද්ධියේ වග උත්තරකරුවන් හැටියට තවත් කිහිපදෙනකු සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවත් බැඳුම්කර කොමිසමේදී ලබාදුන් සාක්‍ෂි ඒ ආකාරයෙන්ම ලබා ගැනීමට නම් මීට මාසයකට පමණ පෙර පාර්ලිමේන්තුවට ගෙන ආ පනත් සංශෝධනය සම්මත කරගත යුතු බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් අදහස් කර සිටියේ අදාළ පනත් සංශෝධනය සම්මත කර ගැනීමෙන් අනතුරුව බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ ජනපති කොමිසමේ දිවුරුම් කොට දුන් සාක්‍ෂි තවදුරටත් සාක්‍ෂි හැටියට ගෙන අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට යොචමු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවයි.

බැඳුම්කර සිද්ධියේ ප්‍රධානියා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව උදර්පණ නීතිය යටතේ ක්‍රියා කළ හැකි ද යන්න ඉදිරියේදී විමසා බලන බවත් ඇමැතිවරයා ඊයේ (08දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon