ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කරන්න සංඝරත්නය සූදානම්

  👤  2722 readers have read this article !
By mawbima 2018-11-14

කුමන දේශපාලන පක්ෂයක් කුමන නායකයෙක් බලයට පත් වුණත් පාර්ලිමේන්තුවේ උත්තරීතර බව රැක ගැනීමට පාර්ලිමේන්තුවට දූෂිතයන්ගෙ, හොරුන්ගෙ, මැරයන්ගෙ රැකියා ස්ථානයක් බවට පත් නොකිරීමේ වගකීම සියලු දෙනාටම පවතින බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ නාරාහේන්පිටදී ඊයේ (13දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.

පැවිදි හඬ සංවිධානය විසින් පවත්වන ලද එම මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මෙසේද කීහ.

දේශපාලන වශයෙන් රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති වී තිබෙන බව පසුගියදා ජනාධිපතිවරයාත් ප්‍රකාශ කළා. රට යන දිශාව හොඳ නැති නිසා මහ මැතිවරණයකින් නව ආණ්ඩුවක් පත්කර ගත යුතු බව බොහෝ දෙනකුගේ ඉල්ලීම වුණා.

පසුගිය කාලයේ තමන් වටේ සිටි හොරු, දූෂකයො පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා අවධානයෙන් සිට රට පාලනය කළ යුතුයි. පසුගිය වසර තුනහමාර තුළ රට, ජාතිය, ශාසනය විනාශ කළ යම පාලනයක් තමයි තිබුණේ.
එජාපය කෙසේ හැසිරුණත්, මේ රට නැවත වරක් ගොඩගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණයි. රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා කියලත් අප ඉල්ලා සිටිනවා. ජනතාව ප්‍රතික්ෂේප කරන පුද්ගලයො ළඟට ගන්න එපා කියලා අප ඉල්ලා සිටිනවා.

නාම යෝජනා දීමෙන් පසුව මහා සංඝරත්නය ගෙයින් ගෙට ගොස් රටට ආදරය කරන අපේක්ෂකයන්ට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටින්න බලාපොරොත්තු වෙනවා.
ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි

2015 ජනවාරි 8න් පසුව ගෙන ගියේ රටට එරෙහි වැඩපිළිවෙළක් ප්‍රභාකරන් මේ රටේ සම්පත් විකිණුවේ නැහැ. විදේශ න්‍යාය පත්‍රවලට කටයුතු කළේ නැහැ. ඒත් ප්‍රභාකරන් නොකළ විනාශයක් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දේශද්‍රෝහීන් රටට සිදුකළා. කථානායකවරයා පක්ෂපාති වීම නිසාත් ස්ථාවර නියෝග අනුව කටයුතු කළ නොකළ නිසාත් ආණ්ඩුව විසුරුවා හැරීමට සිදුවී තිබෙනවා.
පැවිදි හඬ සංවිධානයේ ලේකම් ගොම්බද්දල දමිත හිමි,

1970න් පසුව බිහිවෙච්ච දේශපාලන ක්‍රමය අපි කවුරුවත් අනුමත කරන්නෙ නැහැ. පාර්ලිමේන්තුව නරා වළක් බවට පත්වෙලා ගඳ ගහනවා.

මේ පාර්ලිමේන්තුවෙ රස්තියාදුකාරයො වාචාලයො ඉන්නවා. හරකුන් වගේ හැසිරෙන අයගෙන් තොර පිරිසක් පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවට යැවීම ජනතාවගේ වගකීමයි.

මේ රටේ ඇතැම් පක්ෂවල දේශපාලන නායකයො කියනවා ලේ වැගිරීම්වලට සූදානම් කියලා. ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ රට 88-89 යුගයට අරගෙන යෑමටයි.

පැවිදි හඬ සංවිධානයේ ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි
දේශද්‍රෝහීන් යටපත් කරන්න දේශප්‍රේමි ජනතාවට හැකියාව තිබෙනවා.

කොළඹ නාගරික මන්ත්‍රි ගලගම ධම්මරංසි හිමි
ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා උසාවියට ගිය බහුතරය පසුගිය ජාතික ආණ්ඩුව පත් කිරීමට කටයුතු කළ අයයි. ශ්‍රී ලංකාව බටහිර රටවල රූකඩ රාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කළ පිරිසකුත් ඒ අතර සිටිනවා.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon