රනිල් නායක පුටුව භාර දී යා යුතුයි

  👤  2693 readers have read this article !
By mawbima 2018-11-14

අවස්ථා දෙකකදී එක්සත් ජාතික පක්ෂයට පාක්ෂිකයන් විසින් බලය ලබාදුන් නමුත් පක්ෂ නායකත්වයට එම බලය රැක ගැනීමට නොහැකි වූ බවද දැන්වත් පක්ෂය හොඳ නායකයකුට ලබා දෙන්නැයි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට තමා කියා සිටින බැව් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක නීතිඥ මෛත්‍රි ගුණරත්න පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (12දා) ගාල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී ගුණරත්න මහතා මෙසේද පැවැසීය.

එක්සත් ජාතික පාක්ෂිකයෝ අවුරුදු ගාණක් පෙරුම් පුරලා තමයි මේ ආණ්ඩුව අරන් දුන්නේ. මේ ආණ්ඩුව අරන් දුන්නට පස්සේ අවුරුදු තුනහමාරක් රැකගන්න බැරි වුණා රනිල් වික්‍රමසිංහ මහත්තයට. අවුරුදු ගාණක් දුක් විඳපු ජනතාව,ආණ්ඩුවක් බලාපොරොත්තුවෙන් හිටපු එක්සත් ජාතික පාක්ෂිතයන්ගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩවෙලා තියෙනවා.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටට කරන පාප කර්මයයි, එක්සත් ජාතික පක්ෂයට කරන පාප කර්මයයි ගැන හිතලා එතුමා මේ රටේ ජනතාවගෙන් සමාව ගන්න ඕනේ.
දැන්වත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි කියනවා මේ පක්ෂය හොඳ නායකයකුට භාර දෙන්න කියලා.

මාපලගම - රසික සෙනවිරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon