ආරවුලක් දුරදිග ගොස් කතකගේ පොරෝ පහරකින් තරුණයකු ජීවිතක්ෂයට

  👤  2302 readers have read this article !
By mawbima 2018-11-14

මාතර - උදය කුමාර රණවීර

දෙණියාය කොස්මෝදර පොලිස් බල ප්‍රදේශයේ දෙපිරිසක් අතර හිඟුරුපත්තලදී හටගත් ආරවුලක් දුර දිග ගොස් කාන්තාවක් විසින් පොරවකින් පහරදීම නිසා තරුණයකු
ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

කලක සිට පැවැතඑන ආරවුලක් හේතුවෙන් පෙරේදා (12දා) රාත්‍රි ඇතිවූ මේ ආරවුල නිසා සැකකාර කාන්තාව රාත්‍රි කාලයේ පොලිසියට ගොස් පැමිණිල්ලක්ද කර ඇත. එම පැමිණිල්ලට අනුව ඊයේ (13දා) පෙරවරුවේ පොලිසිය විසින් විමර්ශනය කිරීමට දෙපාර්ශ්වටම පැමිණෙන ලෙස දන්වා තිබූ බව එම පවුලේ අය පවසයි.

ඒ හේතුවෙන් මියගිය අයගේ පියා ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින මරණකරුට දුරකථන ඇමතුමක් ලබාදී හෙට දින පොලිසියට එන්නැයි පැවැසූ බවත් ඒ ස¼දහා සහයෝගයට එන ලෙසත් දන්වා ඔහුගේ මියගිය පුතා ගෙන්වාගෙන ඇත.

පසුව පෙරේදා ඔහු රාත්‍රියේම පැමිණ මෙම සැකකාර කාන්තාව සිටින නිවෙසට ගොස් ආරවුලක් ඇති කරගෙන ඇති බවත් එහිදී එම නිවෙසේ කාන්තාව පොරවකින් පහරදීමෙන් පසු මෙම පුද්ගලයා බිම ඇද වැටී ඇති බවත් මියගිය පුද්ගලයාගේ පාර්ශ්වය පවසයි.

මියගිය පුද්ගලයාගේ සහෝදරියක්ද එම ස්ථානයට ගොස් ඇති අතර ඇයටද පහරදීම නිසා රෝහල් ගතව මේ වනවිට ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
ඇයගේ තත්ත්වයද බරපතළ බව එම ප්‍රකාශකයා පැවැසීය.

සැකකාර කාන්තාව කොස්මෝදර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වනවිට එම ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.

මෙසේ මියගොස් ඇත්තේ හිඟුරුපත්තල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ජීවන් කුමාර නමැති එක් දරු පියෙකි. දෙණියාය පොලිසිය සහ කොස්මෝදර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon