වෙඩි වැදුණු පොලිස් නිලධාරියා රෝහල් ගත කළ තරුණයාට ඉතාලියෙන් හරසර

  👤  2415 readers have read this article !
By mawbima 2018-11-14

මාතර - උදය කුමාර රණවීර

මාතර ස්වර්ණාභරණ ආයතනයක කොල්ලයක් සිදුවෙද්දී වෙඩි වැදුණු පොලිස් නිලධාරියා රෝහලට රැගෙනගිය නිර්භීත තරුණයකු ලෙස පසුගිය කාලය තුළ විවිධ උපහාරවලට ලක්වූ ගයාන් රාමවික්‍රම තරුණයා පසුගියදා ඉතාලි ජනතාවගේ සම්මානයකටද හිමිකම් කීවේය.

මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබුණේ ඉතාලියේ වෙරෝනා නුවර ජනතාව සහ වෙරෝනා බෞද්ධ විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියන් ඇතුළු බෞද්ධ දායක සභාව විසිනි.

ඉතාලියේ වෙරෝනා නුවර පෞද්ගලික ආයතනයක සේවය කරන මෙම තරුණයා දින දහයක පමණ කාලයකට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඔහුගේ නැඟණියගේ නිවෙසේ පැවැති අවශ්‍යතාවකටය.

ඒ අතරතුර මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මිතුරකු බැලීමට මාතර රෝහලට පැමිණ යන අතරතුරදී ස්වර්ණාභරණ ආයතනයේ කොල්ලය සිදුවූ අතර එහිදී පාතාල සාමාජිකයකුගේ වෙඩි පහරින් තුවාලවී බිම වැටී සිටි පොලිස් නිලධාරියා වෙඩි වර්ෂාව මැද වහා රෝහලට රැගෙන ගියේ ඔහුය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ඇගයීමටද පසුව ඔහු ලක්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon