මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයේ කරුණු දැක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් -නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය

  👤  2298 readers have read this article !
By mawbima 2018-11-14

කමල් මහේන්ද්‍ර වීරරත්න

මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන රත්නජීවන් හූල් පෞද්ගලික නීතිඥවරයකු හරහා පෙත්සමක් ගොනු කරමින් ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයේ කරුණු දැක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය ප්‍රකාරව රජයේ ඕනෑම නිලධාරියකු හෝ රාජ්‍ය ආයතනයකට සම්බන්ධ වී කටයුතු කරන කුමන තරාතිරමක අයකු වුවද තම අදහස් නීතිපතිවරයා මඟින්ම ඉදිරිපත් කිරීමට ව්‍යවස්ථාව අනුව බැඳී සිටින බවත් නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

එම ප්‍රකාශයත් සමඟම එලෙස මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් වෙනුවෙන් කරුණු දක්වමින් සිටි නීතිඥවරයා මැතිවරණ කොමිසම වෙනුවෙන් දක්වන ලද කරුණු ඉල්ලා අස්කරගන්නා බව ප්‍රකාශ කර සිටියේය.
මැතිවරණ කොමිසම මේ වන විටත් ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි මහ මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු ආරම්භ කොට ඇති බවත් ඒ සඳහා අති විශාල මුදලක් මේ වන විටත් වැය කොට ඇති බවත් එබැවින් එම කටයුතු පෙත්සම් විභාගය නිමවන තුරු අත්හිටුවීමේ අතුරු නියෝගයක් වහාම නිකුත් කරන ලෙසත් එම නීතිඥවරයා විනිශ්චය මණ්ඩලය අමතමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මැතිවරණ කොමිසම වෙනුවෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමේ කාර්යභාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පැවැරී ඇත්තේ රජයේ නීති කටයුතු පිළිබඳ සියලු වගකීම් දරන නීතිපතිවරයා වන තමාට හා තම දෙපාර්තමේන්තුවට බවද නීතිපති ජයන්ත ජයසූරිය මහතා එහිදී පැහැදිලි කර සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon