තමිල් සෙල්වම්ගේ බිරියට දේශපාලනයට එන ලෙස ආනන්දි ශෂිදරන්ගෙන් ආරාධනාවක්

  👤  2135 readers have read this article !
By mawbima 2018-11-14

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

උතුරු පළාත් සභාවේ හිටපු ඇමැතිනි ආනන්දි ශෂිදරන් මහත්මිය පෙරේදා (12දා) සවස එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ හිටපු නායක එස්. තමිල් සෙල්වම්ගේ බිරිය හමුවී ඇයට දේශපාලනයේ නිරත වීමට ආරාධනා කොට තිබේ.

මේ හමුව සිදුව ඇත්තේ කිලිනොච්චියේ අලුතින් ඉදිවන නිවාස සංකීර්ණයක් බැලීම සඳහා ආනන්දි ශෂිදරන් මහත්මිය ගිය අවස්ථාවේදීය.
දෙමළ ඊළාම් ස්වයං පාලන පක්ෂය නමින් තමන් පිහිටුවා ගෙන ඇති පක්ෂය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මේ වන විට තමන් ඒ පක්ෂයේ සිටිමින් සී.වී. විග්නේශ්වරන් මහතාගේ ටී.එම්.කේ. පක්ෂය සමඟ සන්ධානගත වී සිටින බවද පවසා තිබේ.

ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණය සඳහා කුමන පක්ෂයකින් හෝ තරග කිරීමට අවස්ථාව ඇති නිසා දේශපාලන කටයුතුවල නිරත වී දෙමළ ජනතාවට සේවය කිරීමට එකතු වන මෙන් ආනන්දි ශෂිදරන් මහත්මිය තමිල් සෙල්වන්ගේ බිරියගෙන් ඉල්ලා තිබේ.

ඇය දීර්ඝ වේලාවක් මේ ගැන සාකච්ඡා කළද තමිල් සෙල්වම්ගේ බිරිය ස්ථීර පිළිතුරක් ලබාදී නොමැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon