ඒකපුද්ගල ආදායම ඉහළ ගිහින්

  👤  2194 readers have read this article !
By mawbima 2018-11-14

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

ජී.එස්.පී. බදු සහනය බොහෝ විට එළැඹෙන වසරේදී අවලංගු විය හැකි යැයි විදේශ කටයුතු පිළිබඳ මෙරට සිටින විද්වතකු වන ආචාර්ය පාලිත කොහොන මහතා ප්‍රකාශ කරයි.

ඊට හේතුන් ලෙස ආචාර්යවරයා පවසන්නේ ජී.එස්.පී. ප්ලස් සහනය රටකට ලැබෙන්නේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4200කට වඩා අඩුයි නම් පමණක් බවත් මේ වන විට මෙරට ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 3800කට වඩා ඉහළ මට්ටමක තිබෙන නිසාත් එම මට්ටම එළැඹෙන වසරේදී ඩොලර් 4200 ඉක්මවා යා හැකි නිසා බවත්ය.

දැනට රටේ ඇති වී තිබෙන දේශපාලන වාතාවරණය හේතුවෙන් ජී.එස්.පී. ප්ලස් වැනි ජාත්‍යන්තර සහන නොලැබී යා හැකියි යනුවෙන් සමහරු ප්‍රකාශ කළද එම සහනය නොලැබුණද මෙරට ආර්ථිකයට බරපතළ හානියක් සිදුනොවන බවද ආචාර්යවරයා පැවැසුවේය.

එක්සත් ජනපදයත්, යුරෝපා සංගමයත්, කැනඩා පාර්ලිමේන්තුවත් මෙරට පසුගිය 26 වැනිදා සිදු වූ වෙනස සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරමින් වහාම ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ තහවුරු කළ යුතුයි යන්න පිළිබඳව කරුණු දැක්වුවද මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු ආකාරයක හානියක් සිදු වී නැතැයිද ආචාර්ය පාලිත කොහොන ප්‍රකාශ කළේය.

රටේ දේශපාලන ගැටලුවක් ඇති වී ඇත්නම්, එය පාර්ලිමේන්තුවේදී විසඳීමට හැකියාවක් නොමැති නම් එය විසඳීමට ජනතාවට ලබාදීම, ජනාධිපතිවරයා තීරණය කිරීම ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් බවත් එය යුක්ති සම්පන්න බවත් ආචාර්යවරයා පැවැසුවේය.

ඊයේ (13දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ අදහස් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon