එජාපයේ අගමැති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාසයි

  👤  2468 readers have read this article !
By mawbima 2018-11-14

එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා විය යුත්තේ අන් කවුරුවත් නොව සජිත් ප්‍රේමදාස මහතා බවත් පක්ෂයේ සාමාජිකයන් ඉල්ලා සිටින පරිදි කටයුතු කරන්නේ නම් එ.ජා.ප.යේ ජයග්‍රහණය නියත බව කවුරුත් දන්නා බවත් එසේ නොවන්නේ නම් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට සිදුවන්නේ විපක්ෂයේ රැඳී සිටීමක් පමණක් බවත් හිටපු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කරයි.

පෙරේදා (12දා) සිය නිවෙසේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කළ ඒ මහතා පක්ෂයේ සියයක් මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ඉදිරි මැතිවරණයට තරග කිරීම බවත් එයට එහා වෙනත් විකල්පයක් මත ගමන් කිරීම පක්ෂයට අහිතකර බවත් ඒ මහතා කියා සිටියේය.

"මෑතකදී මහින්ද රාජපක්ෂ මහතා යටතේ පත්වූ කැබිනට්ටුව මඟින් මෙරට තුළ රුපියල් බිලියන දෙසීයක් වටිනා අලුතින් මුදල් නෝට්ටු අච්චුගසා තිබෙනවා. මෙරට තුළ මුදල් සංසරණය වනුයේ රුපියල් කෝටි තිස්පන් දහසක් පමණයි. එයට තවත් දෙසීයක් එකතු වුණාම රටට සිදුවන්නේ කුමක්දැයි සිතිය යුතුය. ඒ නිසා එදා හිටපු නායකයන්ට නැවතත් රට භාරදීම හොරකම් කරන්නට ලයිසන් ලබාදීමක් ලෙස හැඳින්විය යුතුයි. අප රටට ලැබෙන ආදායමින් මේ වනවිට සියයට අනූඅටක්ම වියදම් කරන්නේ පිටරට ණය ගෙවීමටයි.

ඒ අනුව රටක් ගොඩනඟන්නට ආත්ම ශක්තිය ඇත්තේ කුමන පක්ෂයකටද කියා සිතා බැලීම වැදගත්."

පොතුහැර - එම්.ජේ. මොහොමඩ්
කුරුණෑගල - විජේසිංහ වැලිකන්ද

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon