ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙතරම් කයිවාරු ගැහුවද තනිවම තරග කළහොත් හතර වැනි ස්ථානයට

  👤  2211 readers have read this article !
By mawbima 2018-11-14

මාපලගම - රසික සෙනවිරත්න

එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණයේදී පෙරමුණක් වශයෙන් පක්ෂ සහ කණ්ඩායම් රැසකගේ සහභාගීත්වයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නා බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙතරම් කයිවාරු ගැහුවද තනිවම තරග කළහොත් හතර වැනි ස්ථානයට හෝ පස්වැනි ස්ථානයට පත්වනු ඇතැයි ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි පවසයි.

ඒ මහතා එසේ පැවැසුවේ පෙරේදා (12දා) ගාල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජේපාල හෙට්ටිආරච්චි මහතා මෙසේද පැවැසීය.

මෙවර මැතිවරණයේදී පොහොට්ටුව, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදී ලෙස ඉදිරිපත් වනවිට ශ්‍රීලනිපය අනිවාර්යයෙන්ම හතරට හෝ පහට වැටෙනවා. මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ කළ නායකයා ලෙසත් පක්ෂ සභාපතිවරයාට ඉතිහාසගත වෙන්න පුළුවන් වේවි. මේ ආරවුල විස¼දා ගන්නා තුරු පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ නායකතුමා සිටිය යුතුයි. අපේ පක්ෂය ඇතුළේ අභ්‍යන්තර ආරවුල් වියවුල් හදන්න සමහරු ලෑස්ති වෙනවා ඇති. නමුත් එහෙම දේකට කිසි ලෙසකවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් සජිත් ප්‍රේමදාස මහත්තයාවත් ඉඩ දෙන්නේ නෑ.

ඉදිරියේදී තියෙනවා මැතිවරණ දෙකක් ඒ තමයි පාර්ලිමේන්තු මැතිවරණය ඒ වගේම ජනාධිපතිවරණය. අපිට නායකයෝ දෙන්නෙක් ඉන්නවා. අපිට පුළුවන් අගමැති අපේක්ෂකයා හැටියට සජිත් මහත්තයා දාන්න. අපිට පුළුවන් ජනාධිපති අපේක්ෂකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා දාන්න.

ඒ නිසා කලබල විය යුතු නෑ නියම වෙලාවට නියම තත්ත්වය රටට පැහැදිලි කළහම ඇති. අපි ලෑස්තියි එක්සත් ජාතික පක්ෂය හැටියට ඊළඟ මැතිවරණයේදී අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න. අපි යම් කිසි පෙරමුණක් හැටියට එනවා. ඒක වළක්වන්න බෑ. දැනටමත් මේ පෙරමුණට එකතු වෙලා තියෙනවා මුස්ලිම් කොංග්‍රසය රාවුෆ් හකීම් මහතා, බදුර්දීන් මහතා ඇතුළු කණ්ඩායම. ටී.එන්. ඒ. වගේ කණ්ඩායම්, ඒ වගේම දිගම්බරම් වගේ අය, කෝටි ගණන්වලට සල්ලිවලට විකිණෙන්නේ නැතිව හිටපු සියලු කණ්ඩායම් අපිත් එක්ක ඉන්නවා. මේ මැතිවරණයේදී අපිත් එක්ක එකට හිටගන්න කියන එක අපි බය නැතිව කියනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon