තහනම නොතකා ශ්‍රී ලංගම අලුතින් බ¼දවා ගැනීම් සිදුකෙරේ

  👤  2159 readers have read this article !
By mawbima 2018-11-14

උපතිස්ස පෙරේරා, කුරුණෑගල - විජේසිංහ වැලිකන්ද

ශ්‍රී ලංගමට අයත් සියලුම ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන්ගේ උසස්වීම් ඇතුළු සියලුම බඳවා ගැනීම් අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ ප්‍රවාහන ලේකම්වරයා නියෝග කොට තිබියදී එය නොසලකා දිවයිනේ ලංගම ප්‍රාදේශික ගණනාවක අලුතින් බඳවා ගැනීම් කෙරෙන බව ලංගම සේවකයෝ පවසති.

මේ දිනවල රට තුළ පවතින දේශපාලන විෂමතාව සැලකිල්ලට ගනිමින් හා මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී නව බඳවා ගැනීම් හා උසස්වීම් තාවකාලිකව අත්හිටුවීමට අගමැති කාර්යාලය පියවර ගත්තද වයඹ, මධ්‍යම හා උෟව පළාත්වල ලංගම ප්‍රාදේශිකයන් ගණනාවක සේවය කළ ප්‍රාදේශීය කළමනාකරුවන් හා මුදල් කළමනාකරුවන් ඉවත්කොට එම තනතුරුවලට වෙනත් පුද්ගලයන් බ¼දවා ගෙන ඇති බව "මව්බිම" විමසුමකදී හෙළි විය. මේ අතර ගම්පහ බස් සමාගමේ තනතුරු කිහිපයක් දැරූ පුද්ගලයන් ඉවත්කොට ඊට වෙනත් අය පත්කර ඇති බවද අනාවරණය වෙයි.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ ප්‍රවාහන ලේකම්වරයා ඇතුළු ශ්‍රී ලංගම බලධාරීන්ගේ අවධානය මේ කෙරෙහි යොමුකොට මෙම අසාධාරණ ක්‍රියාවට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංගම සේවකයෝ ඉල්ලීමක් කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon