අගමැති සමඟද සාකච්ඡා කොට විදුහල්පති හා ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීමට වැඩපිළිවෙළක් සකසන්න

  👤  2104 readers have read this article !
By mawbima 2018-11-14

උදයන්ති මුණසිංහ

රාජ්‍ය සේවක වැටුප් සමාලෝචන කමිටුවේ කටයුතු කඩිනම් කොට, එහි නිර්දේශ ලබාගෙන, විදුහල්පති හා ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟද සාකච්ඡා කොට, කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස විදුහල්පති හා ගුරු සංගම් එකමුතුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.

විදුහල්පති හා ගුරු වැටුප් විෂමතා සහ සේවා ව්‍යවස්ථා ගැටලුවලට නිසි විසඳුම් ලබාගැනීම පිණිස ජනාධිපතිවරයා ඇතුළු අදාළ නිලධාරීන්ගෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස තම එකමුතුව විසින් 2015 වසරේ සිට මේ දක්වා ඉල්ලීම් කළද, එම ඉල්ලීම මෙතෙක් ඉටු නොවූ බවට එම එකමුතුවේ කැඳවුම්කරු ඊ.එම්.ජේ.එස්. ද සේරම් සඳහන් කළේය.

ඊට හේතු වූයේ විවිධ නිලධාරීන්ගේ අක්‍රමිකතා සහ නොසලකා හැරීම් බවට හෙතෙම චෝදනා කළේය.

එබැවින් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ මූලිකත්වයෙන්, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, රාජ්‍ය සේවා කොමිසම, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය භාණ්ඩාගාරය යන ආයතනයන්හි බලධාරීන්ද සහභාගි වන විධිමත් සාකච්ඡාවක් තම සංගම් එකමුතුව වෙත ලබා දෙන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon