93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලිය රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

  👤  2083 readers have read this article !
By mawbima 2018-11-14

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන 93 වැනි ජාතික බොක්සිං ශූරතා තරගාවලිය මෙම මස 20 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම මස 20 වැනිදා පස්වරු 3.00ට ආරම්භ වන මෙම තරගාවලියේදී කාන්තා සහ පිරිමි යන දෙඅංශයෙන්ම බර පන්ති 10ක් යටතේ තරග පැවැත්වේ. තවද එහි එක් එක් බර පන්ති ජයග්‍රාහකයන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර දක්ෂතම ක්‍රීඩකයා, හොඳම පරාජිතයා, දක්ෂතම ක්‍රීඩිකාව සහ හොඳම පරාජිත ක්‍රීඩිකාවට කුසලාන සහ සහතික පත් පිරිනැමීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම තරගාවලිය සඳහා සහභාගි වීමේ හැකියාව ඇත්තේ ස්ටබ්ස් පළිහ, ආධුනික, අතරමැදි, ක්ලිෆර්ඩ් කුසලාන සහ ජාතික කනිෂ්ඨ යන බොක්සිං ශූරතා තරගාවලිවලදී ජයග්‍රහණ හිමි කරගත් වයස අවුරුදු 18ත් 40ත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ සහ පාසැල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් මෙම තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත බව ද ශ්‍රී ලංකා බොක්සිං සංගමය නිවේදනය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon