මැති ඇමැති ආරක්ෂාව ඉවත් කරන්න පොලිස්පති නියෝග දීලා නෑ -පොලිස් මූලස්ථානය

  👤  2159 readers have read this article !
By mawbima 2018-11-14

පාර්ලිමේන්තුව විසුරුවා හැරියද හිටපු අමාත්‍යවරුන්ට, හිටපු නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ හිටපු මන්ත්‍රිවරුන්ට ලබා දී ඇති ආරක්ෂාව ඉවත් කිරීමට අදාළ වූ නියෝගය මෙතෙක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිකුත් කර නොමැති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.


ඒ අනුව තවදුරටත් ඇමැති ආරක්ෂණ කොට්ඨාසය විසින් හිටපු අමාත්‍යවරුන්ට, හිටපු නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන්ට ආරක්ෂක නිලධාරීන් හතරදෙනා බැගින් ලබාදී ඇත.
හිටපු මන්ත්‍රිවරයකුටද පොලිස් ආරක්ෂක නිලධාරීන් දෙදෙනා බැගින් ලබා දීමට ඇමැති ආරක්ෂණ කොට්ඨාසය කටයුතු යොදා තිබේ.


ආරක්ෂාව ඉවත් කරන ලෙසට පොලිස්පතිවරයාගෙන් ලිඛිත නියෝගයක් ලද විගස ලබා දී ඇති මෙම පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කරන බව ඇමැති ආරක්ෂණ කොට්ඨාසයේ ජේ‍යෂ්ඨ නිලධාරියකුගෙන් 'මව්බිම' කළ විමසුමකදී කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon