අනුර-විජිත ගෙනා විශ්වාසභංගය බහුතරයෙන් සම්මතයි

  👤  2680 readers have read this article !
By mawbima 2018-11-15

පහන් විජේසේකර

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන මහත්වරුන්ගේ අස්සනින් යුතුව ඊයේ (14දා) ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව බහුතරයෙන් සම්මත වූ


බවට එහි යෝජනාවේ පිටපතක්...සහ ඊට අදාළ සභාවේ තීරණය කථානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට පියවර ගන්නා බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.


එසේම ජනාධිපතිවරයා විසින් පසුගියදා පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට සඳහන් මන්ත්‍රිවරු 122 දෙනකුගේ අස්සන් තබන ලද ලිපියේ පිටපතක්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවද කථානායක මාධ්‍ය ඒකකය නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සඳහා එම සියලු දැනුම්දීම් කථානායකවරයා විසින් ඉදිරිපත් කරනු ඇතැයිද එම නිවේදනය මඟින් පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon