එජාප ජන රැලිය අද ලිප්ටන් වටරවුමේදී

  👤  2642 readers have read this article !
By mawbima 2018-11-15

ජනතා පරමාධිපත්‍යය සහ මාධ්‍ය නිදහස සහතික කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන එක්සත් ජාතික පක්‍ෂය සංවිධානය කරන ජන රැලියක් අද (15දා) සවස 2ට කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවත්වීමට නියමිතය.


එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජනතා රැලියට එක්සත් ජාතික පෙරමුණට අයත් පක්‍ෂවල නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, විද්වත් වෘත්තිකයන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු කථිකයන් ගණනාවක් සහභාගි වීමට නියමිත බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon