ඡන්දය ප්‍රකාශ කළේ රනිල් අගමැති කරන්න නෙමෙයි

  👤  2778 readers have read this article !
By mawbima 2018-11-15

තමන්ට 122ක බහුතරය ඇතැයි රනිල් වික්‍රමසිංහ පැවැසුවද ඊයේ (14දා) තම පක්ෂය විශ්වාසභංග යෝජනාවක් හරහා ඡන්දය ප්‍රකාශ කළේ රනිල්ට අගමැතිකම ලබාදීමට නොවන බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවැසීය.


මන්ත්‍රිවරයා එහිදී අවධාරණය කළේ නව අගමැතිවරයකු හා ඇමැති මණ්ඩලයක් පත් කිරීමට පාර්ලිමේන්තු බහුතර බලය උරගා බැලීමේදී ජවිපෙ කිසිදු මැදිහත්වීමක් සිදුනොකරන බවය.


තම පක්ෂය ඡන්දය භාවිත කළේ ව්‍යවස්ථා විරෝධීව පත් කළ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය සහිත නීතිවිරෝධී ආණ්ඩුවට බව පැහැදිලිව අවබෝධ කරගත යුතු යැයිද ඒ මහතා කීය.


ඔහු වැඩිදුරටත් "මව්බිම"ට ප්‍රකාශ කළේ දැන් ජනපති සිදුකළ යුත්තේ අගමැතිවරයකු හා ඇමැති මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කිරීම බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon