ව්‍යවස්ථාවට මුවාවී කරන දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව පෙළ ගැසෙමු

  👤  2631 readers have read this article !
By mawbima 2018-11-15

ව්‍යවස්ථාව මුවාවී කරගෙන යන දේශපාලන කුමන්ත්‍රණවලට එරෙහිව ජනතාව පෙළගැසිය යුතුව ඇතැයි කමල් පෙරේරා මහතා පැවැසීය. ඔහු එම අදහස් පළ කළේ 'දේශපාලන සදාචාරය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කලාකරුවෝ' සංවිධානය විසින් ඊයේ (14දා) පිටකෝට්ටේදී පැවැත් වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.
එහිදී කමල් පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.


ජනවාරි 8 වෙනස මඟින් සාමකාමී සමාජයක් තුළ ජීවත් වෙන්න පුළුවන් යුගයක් අපි බලාපොරොත්තු වුණා. ඒත් දේශපාලන සදාචාරය බිඳ වැටුණා. දේශපාලන අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දුන්නා. ඒත් ව්‍යවස්ථාව දඩමීමා කරගෙන දේශපාලන කුමන්ත්‍රණයක් මේ රටේ සිදු වෙනවා.


එදා පොදු අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා වටා විශාල බලවේගයක් පෙළ ගැසුණා. ඔහු එළියට එන විට එතරම් පිරිසක් ඔහු සමඟ සිටියේ නැහැ. ඒත් මහජන සංවිධාන, සිවිල් හා දේශපාලන බලවේග එදා තිබූ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව පොදු අපේක්ෂකයා වටා පෙළ ගැසුණා. වසර තුනහමාරක් ගතවුණත් ඒ ජනතා බලාපොරොත්තු ඉටු වුණේ නැහැ. මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය හමුවෙත් එවැනි පෙළ ගැසීමකින් තමයි මේ ප්‍රශ්නය විස¼දා ගන්න වෙන්නේ.
සමනලී ෆොන්සේකා


ඉතිහාසයේ නොවූ විරූ ලෙස දරුණු විදියටම දේශපාලන සදාචාරය අභියෝගයට පත් වෙලා. වාමාංශික බලවේගවල නැඟී සිටීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි.
රංගන ශිල්පී ජගත් මනුවර්ණ


ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාවේ සදාචාරය වැනි වචන භාවිත කරන්න ජනාධිපතිතුමාට අයිතියක් නැහැ. ඔහු බල තණ්හාව නිසා ඒ අයිතිය නැති කරගත්තා. මහ බැංකුවේ මුදල් වංචාව වෙනුවෙන් පෙනී සිටිමින් බදු බර පටවමින් ජනතාව හූරා කාපු රනිල්ටත් ප්‍රජාතන්ත්‍රවාදය, සදාචාරය ගැන කතා කරන්න අයිතියක් නැහැ.


පාර්ලිමේන්තුව විසුරුවන්න මොහොතකට පෙර ඇමැතිවරුන් පත් කළා. ඒක රාජ්‍ය දේපළ අවභාවිත කරන්නට දුන් අවස්ථාවක්.
දූෂිතයන් අධිකරණය ඉදිරියට ගෙන යන්න කටයුතු නොකළ අයට අධිකරණ තීන්දු ඉදිරියේ උදම් අනන්න අයිතියක් නැහැ. ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරගෙන ජනතාව එකතු විය යුතුයි.


රංගන ශිල්පිනි දීපානි සිල්වා


වත්මන් ජනාධිපතිවරයා රටේ දේශපාලන සදාචාරය අතුගා දමා තිබෙනවා. ඔහු බලයට ගෙන ඒමට අපි උදවු කළ නිසයි ඒ චෝදනාව අපි කරන්නෙ.
ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ලැබුණු නඩු තීන්දුව මත රට ඉදිරියට ගෙන යන්න ශක්තිමත් විය යුතුයි. මොවුන් එක්කෙනෙක්වත් බල පොරයේ යෙදෙන්නේ රට වෙනුවෙන් නෙවෙයි.
විධායකය මෙහෙම කරන්නේ 19 සංශෝධනයක් සම්මත වී තිබෙන අවස්ථාවකයි. එම නිසා 20 සංශෝධනය සම්මත කර ගැනීමට මෙය අවස්ථාවක් කළ යුතුයි.
රුපියල් කෝටි 50ක් වැය කොට මැති ඇමැතිවරුන් මිලදී ගන්නවා. ඒත් කලාකරුවන් වෙනුවෙන් තිබෙන ජෝන් ද සිල්වා රඟහල නවීකරණය කරන්න ජනපති හෝ ඇමැති මුදල් වෙන් කළේ නැහැ.


රංගන ශිල්පිනී අනෝමා ජනාදරී
හිට්ලර්ගේ රටේ හිටිය බර්ටෝල් බේ‍රෂ්ට් හිට්ලර් එක්ක හැප්පුණේ නැහැ. ඔහු හොඳ ජනතාවක් ගොඩ නඟන්න කටයුතු කළා. ඒක අපේ රටටත් අවශ්‍යයි.
චිත්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ


විධායකය මඟින් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරනවා. මේ කෘෘර විධායකය අහෝසි කරන්න ඕන කියපු අය ජනසංහාර ඇති කළා.


අද තිබෙන්නෙ මහින්දවාදීද, රනිල්වාදීද කියන ප්‍රශ්නයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්. සංස්කෘතික අශිෂ්ටත්වය මේ රටේ රජ කරන්න පටන් ගත්තා නව අගමැතිවරයකු පත් කිරීමත් සමඟ නිදහස්කාමී සමාජය ප්‍රචණ්ඩකාරී පසුබිමකට ඇද දමා තිබෙනවා.


2015දී නව ජනාධිපතිවරයකු පත් කිරීමට සිවිල් හා බහුජන සංවිධාන එකතු වුණා. ඒත් ඔවුන් කෙසේ කටයුතු කරාවිද යන්න ගැන ලිඛිත පොරොන්දුවක් දෙන්න අපට හැකියාවක් නැහැ. ඒ විශ්වාසය තමයි අද කඩකරලා තියෙන්නෙ.


සංගීතවේදී නදීක ගුරුගේ මහතා
සාධාරණ සමාජයක් ඇති කිරීමට පොරොන්දු වූ වත්මන් ජනාධිපතිවරයා කාගේ අභිලාශයන් වෙනුවෙන්ද වැඩ කරන්නෙ? ඔහු වෙනුවෙන් වැඩ කළ ජනතාවට ඔහු අතුල් පහරක් එල්ල කර තිබෙනවා.


ජනතාව බල ගැන්වීම හරහා මේ දේශපාලන නාඩගම නතර කළ යුතුයි.
රංගන ශිල්පී ලලිත් රාජපක්ෂ මහතා


නීතියේ දෙවඟන අද වික්ෂිප්ත වෙලා. කිලෝ ගණන් බර නීති පොත් උස්සාගෙන නීතිඥයෝ තර්ක කරනවා. අද කතා කරන්නෙ චෞරයො ගැන විතරයි. සංවර්ධනය ගැන කවුරුවත් කතා කරන්නෙ නැහැ.
දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon