විශේෂඥ වෛද්‍යවරයකුට මරණ තර්ජන කර කප්පම් ඉල්ලූ අයෙක් 28 වැනිදා දක්වා රිමාන්ඩ්

  👤  2633 readers have read this article !
By mawbima 2018-11-15

තංගල්ල - සහම්පති මානගේ


තංගල්ල මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුට මරණ තර්ජන කර කප්පම් ඉල්ලූ සිද්ධියකට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ එම රෝහලේම සේවයේ නියුතු සාත්තු සේවකයෙක් මෙම මස 28 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට තංගල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ලිලාන් ටිලන්ත වරුසවිතාන මහතා ඊයේ (14දා) නියෝග කළේය.


මෙලෙස රිමාන්ඩ් භාරයට පත්වූයේ තංගල්ල මූලික රෝහලේ සාත්තු සේවකයකු ලෙස සේවයේ නිරතව සිටි එන්.ජී. මධුශංක (23) නම් ගාල්ල යක්කලමුල්ල පදිංචිකරුවෙකි.
තංගල්ල මූලික රෝහලේ සේවයේ නියුතු ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකුගේ ජංගම දුරකථනයට ඇමැතුමක් ලබාදී වෛද්‍යවරයා හෝ වෛද්‍යවරයාගේ දරුවකු ඝාතනය කරන බවද එසේ නොවීමට නම් රුපියල් ලක්‍ෂ පහළොවක කප්පම් මුදලක් ලබා දිය යුතු බවට කිසියම් පුද්ගලයකුගෙන් දුරකථන ඇමැතුමක් ඉකුත් 06 වැනිදා ලැබුණු බවට එම වෛද්‍යවරයා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කර ඇත.


එකී පැමිණිල්ලට අනුව පරීක්ෂණ කළ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් දුරකථන ඇමැතුම ලබාදුන් අංකය ඔස්සේ විමර්ශන කර සැකකරු පෙරේදා (13දා) තංගල්ලේදී අත්අඩංගුවට ගෙන තිබිණි.


තංගල්ල හා මාතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්, පොලිස් අධිකාරි 1 අබේරාජ් ගම්ලත්, සහකාර පොලිස් අධිකාරි බී.එම්.එම්. දසනායක මහත්වරුන්ගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලාල් චන්ද්‍රසිරි මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් තංගල්ල අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයානන්ද, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් විජේතුංග, පොලිස් සැරයන්වරුන් වන ලලිත් (31952), තුෂාර (43939), පොලිස් කොස්තාපල්වරුන් වන රුවන් (52725), කරුණාරත්න (52714), සම්පත් (73055), තංගල්ල කොට්ඨාස අපරාධ අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන මංජුල (44974) සහ ගාමිණි (53724) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon