දෙදරු පියා ඝාතනයට සැක සිවුදෙනා ලබන 27 තෙක් යළිත් ඇතුළට

  👤  2609 readers have read this article !
By mawbima 2018-11-15

උෟරුබොක්ක - අතාවුද පතිරණ


පසුගිය 22 දින උෟරුබොක්ක පොලිස් වසමේ හුළංකන්ද, දම්පහළ පාසල් මාවතේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩිතබා ඝාතනය කරන ලද පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජන හා සංඛ්‍යා ලේඛන නිලධාරි ලෙස කටයුතු කළ වලස්මුල්ල අකුරැස්සවත්ත පදිංචි එදිරප්පුලිගේ සුමුදු චමින්ද දයාරත්න (44) නමැති දෙදරු පියාගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් මියගිය පුද්ගලයාගේ බිරිය ඇතුළු සැකකරුවන් හතරදෙනා යළි මොරවක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ශශිකා මිතුන් ආරච්චිගේ මහත්මිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුවන් ලබන 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.


මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිය වන වලස්මුල්ල, අකුරැස්සවත්ත ප්‍රදේශයේ පදිංචි ප්‍රතාපගේ ගේ‍ර්ෂන් ඉනෝකා නිලවීර (41), වලස්මුල්ල, මොරකන්දගොඩ පදිංචි රොෂාන් තරංග දසනායක (39), තංගල්ල උස්වැව පදිංචි වීරසිංහගේ රංජිත් නොහොත් කිරියා (39), වලස්මුල්ල, ජඹුරාව දේවාලෙගම ආරච්චිගේ නන්දසිරි (55) යන හතරදෙනාය.


පැමිණිල්ල වෙනුවෙන් පො.කො. අතාවුද මහතා (22249) අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.


ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සහ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකාරියගේ වයස අවුරුදු 11 ගැහැනු දරුවාගේ සහ වයස අවුරුදු 7 පිරිමි ළමයාගේ
භාරකාරිත්වය පිළිබඳව නියෝගයක් ලබාදෙන ලෙස පොලිසිය විසින් කරන ලද ඉල්ලීමට අනුව එම නියෝගය ලබන 27 දින ලබාදෙන බවට මහෙස්ත්‍රාත්වරිය පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon