ප්‍රජාතන්ත්‍රවාදයට කැමැති නම් මහින්ද ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තනතුරු අතහැරිය යුතුයි

  👤  1246 readers have read this article !
By mawbima 2018-11-15

ලක්ෂ්මී ජයකොඩි

ලැජ්ජාවක් හෝ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව යම් හෝ කැමැත්තක් තිබෙනවා නම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තනතුරු අතහැර යා යුතු බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට එරෙහිව ඊයේ සම්මත වූ විශ්වාසභංග යෝජනාව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මනෝ ගනේෂන් මහතා මෙසේද කීය,

එකසිය විසිදෙකක් කියන්නේ දෙසිය විසිපහකින් බහුතරය කියන එක පොඩි
ළමයිනුත් දන්නවා. තවත් අය එන්න ඉන්නවා. ලැජ්ජාවක් තිබෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය පිළිඳව පොඩි හරි කැමැත්තක් තිබෙනවා නම් කරුණාකරලා දැන්ම දාල යන්න. අල්ලගෙන ඉන්න එපා. බහුතරයක් තිබුණු අපි සභාවේ සදාචාරත්මකව හැසිරුණා. එය ඔප්පු කළා.

හරියට බල්ලෝ බළල්ලු රන් තැලියකට මුත්‍රා කර අපවිත්‍ර කරනවා වගේ. ජනබලය අපට තිබෙනවා. මොවුන් මේ රටේ ව්‍යවස්ථාව අපවිත්‍රකර දැම්මා. පොදු පෙරමුණ කියන කණ්ඩායම ඔවුන් තවම තමන්ගේ පක්ෂය මොකක්ද කියලවත් දන්නේ නෑ. ඒ පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය වෙන්නෙත් නැහැ. රට ගැන කතා කරනවා දේශප්‍රේමීත්වය ගැන කතා කරනවා. නමුත් මේ හැම දෙයක්ම ආරම්භ වන්නේ රටේ මූලික නීතිය වන ව්‍යවස්ථාවේ සිටයි. මේ නීතිය උල්ලංඝනය කරන්න එපා. ඇඳුම් ඇඳගෙන ඉන්නවා නම් ලැජ්ජාවක් තිබෙනවා නම් යන්න. මේ නියෝගය රජයේ නිලධාරීන් දැන ගන්න ඕන.

නීතිවිරෝධී ආණ්ඩුවේ නියෝග පිළිගන්න එපා. ඒක වරදක්. ඒකට වන්දි ගෙවන්න වෙයි. හිරේ යන්න වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon