සාක්ෂි දීම සඳහා ජනාධිපති නීතිඥ ඉÂද්‍රතිස්සට නොතීසි නිකුත් කිරීමට නියෝග

  👤  1240 readers have read this article !
By mawbima 2018-11-15

කේ.එස්. උදයකුමාර්

ඉකුත් පාලන සමයේ ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (15දා) දින සිට දිනපතා විභාගයට ගන්නා බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කළේය.

මෙම නඩුව ඊයේ (14දා) දින සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබීය.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නඩුවේ හතරවැනි සාක්‍ෂිකරු ලෙස නම් කර සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉÂද්‍රතිස්ස මහතාට සාක්‍ෂි දීම සඳහා අද දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.

මෙම නඩුවට අනුව චෝදනා පත්‍ර නීතිපතිවරයා විසින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන්ට භාරදුන් අතර එහිදී තමන් අදාළ චෝදනාවලට තමන් නිවැරැදිකරුවන් බව ප්‍රකාශ කර තිබුණි.

2014 වසරේ පෙබරවාරි මස 01 වැනිදා සහ 2015 වසරේ ජනවාරි මස 26 වැනිදා දක්වා කාල සීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියි. විත්තිය වෙනුවෙන් නීතිඥ නලින්ද ඉÂද්‍රතිස්ස මහතා සහ අනිල් සිල්වා, අලිශබ්රි හා ගාමිණී මාරපන යන ජනාධිපති නීතිඥවරු පෙනී සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon