යාපනය අර්ධද්වීපයට සුළං හා තද වැසි

  👤  1211 readers have read this article !
By mawbima 2018-11-15

ඉෂාරා සිල්වා

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින 'ගජ' සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරයේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 660ක් පමණ ඊසාන දෙසින් ස්ථාන ගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් අද (15දා) සවස් කාලයේ සිට උතුරු පළාතේ සුළඟේ වේගය සහ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

යාපනය අර්ධද්වීපයේ මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත්, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80ක් දක්වා වැඩිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි. මේ අතර මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඔවුන් දන්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon