පෙට්රල් - ඩීසල් රු. 5කින් පහළට

  👤  2447 readers have read this article !
By mawbima 2018-11-16

පෙට්රල් සහ ඩීසල් මිල වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (15දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කළ බව කම්කරු විදේශ රැකියා සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.


ඒ අනුව රුපියල් 145ක්ව පැවැති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 140දක්වාද, රුපියල් 169ක්ව පැවැති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 164දක්වාද, රුපියල් 116කට පැවැති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111දක්වාද, රුපියල් 141කට පැවැති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 136 දක්වාද අඩු වී තිබේ.


මිල අඩු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තමාව දැනුවත් කළ බවද අමාත්‍යවරයා පැවැසීය.
ලෝක වෙළෙඳපොළේ මිල ඉදිරියටත් අඩු වුවහොත් ලබන මාසයේදී නැවතත් ඉන්ධන මිල අඩු කළ හැකි බවද අමාත්‍යවරයා කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon