විශ්වාසභංගයේ මන්ත්‍රි නාමලේඛනය වංචා සහගතයි

  👤  2523 readers have read this article !
By mawbima 2018-11-16

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවටත් අග්‍රාමාත්‍යවරයාටත් එරෙහිව පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු බවට කථානායක ජනාධිපතිවරයාට පෙරේදා සවස යැවූ ඡන්දය දුන් අයගේ නාමලේඛනය වංචා සහගතව යැවූ ලේඛනයක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.


විශ්වාසභංග යෝජනාවට එජාප මන්ත්‍රිවරුන් 102 කගේ අස්සන් සහිත නාම ලේඛනයක්ද කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට යැවූ නාම ලේඛනයට ඇතුළත්ව ඇතත් එම අස්සන් සහිත නාම ලේඛනය නිකුත් කර තිබෙන්නේ 2018 නොවැම්බර් 2 වැනිදාය. විශ්වාසභංග යෝජනාව ජවිපෙ අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද්දේ පෙරේදා එනම් නොවැම්බර් 14 වැනිදාය. එම යෝජනාව කථානායකවරයාට පාර්ලිමේන්තුවේදී භාර දුන්නේද නොවැම්බර් 14දා පෙරවරුවේයි.


යෝජනාව ඉදිරිපත් කරන්නට දින 12කට පෙර එජාප මන්ත්‍රිවරුන් 98 දෙනකු යෝජනාවට පක්ෂ බවට අස්සන් කරන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි.
එම අස්සන් 98 ඇතුළත් ලේඛනයට වඩිවේල් සුරේෂ්, මනූෂ නානායක්කාර, පියසේන ගමගේ සහ ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රිවරුන්ගේ නම් අතින් ලියා අස්සන් කර ඇති බව එම ලේඛනයේ දැක්වේ.


2018 නොවැම්බර් 2 දාතමින් වූ එම නාම ලේඛනයේ සඳහන් දිනය මකා 2018 නොවැම්බර් 14 ලෙස අතින් ලියා තිබේ.
මේ සිද්ධිය ගැන ව්‍යවස්ථා


සම්පාදක හිටපු ඇමැති හා කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතාගෙන් 'මව්බිම' කළ විමසුමකදී ඔහු කීවේ මෙම නාම ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් රටේ උත්තරීතර ආයතනය ලෙස සැලකෙන පාර්ලිමේන්තුවත්, එහි මන්ත්‍රිවරුන් හා රටේ සමස්ත ජනතාවත් මුළා කර තිබෙන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon