පාර්ලිමේන්තුවේ තීරණ ගන්නේ මම - කථානායක

  👤  2482 readers have read this article !
By mawbima 2018-11-16

ආණ්ඩුවට එරෙහි 2018 නොවැම්බර් 14 වැනි දින විශ්වාසභංග යෝජනාවේ අංක 2 දරන යෝජනාව පරිදි සම්මත වූ හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වගන්තිය යටතේ අමාත්‍ය මණ්ඩලය විසිරුණු බැවින් හා නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත්කර නොමැති බැවින්, අද දින කිසිම


මන්ත්‍රිවරයකු අගමැතිවරයා හෝ අමාත්‍යවරයකු හෝ රාජ්‍ය අමාත්‍යවරයකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකු හෝ සභානායක හෝ ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයකු ලෙස තමා නොපිළිගන්නා බව, කථානායක කරු ජයසූරීය පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.


පාර්ලිමේන්තුවේ කටයුතු පහසුවෙන් කරගෙන යෑම සඳහා සියලුම මන්ත්‍රිවරුන් ඊයේ (14දා) දින අසුන්ගත් ආකාරයට අද දිනද අසුන්ගත යුතු බව තමා තීරණය කර ඇතැයිද එම නිවේදනයෙහි සඳහන් වේ.


එසේම ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුවේ සියලුම කටයුතු සම්බන්ධයෙන් අවසාන තීරණය කථානායකවරයා සතුවන අතර, එවැනි තීරණයකට අභියෝග කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවද අවධාරණය කරන බවද එම නිවේදනයෙහි දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon